2017-05-24

ඉරටු මිටිය...



මා පාසල නිමව නිවසට පැමිණියේ පංතියේ මිතුරකුගේ ගෙදර යන එකම බලාපොරොත්තුව තදින්ම හිතේ බරකරගනිමිනි.

බලාපොරොත්තු දෑසින්ම ඉහිරි ගියේ කුස්සි මිදුල පුරා විහිරී තිබූ බුරුල් වූ ඉරටු මිටි දැකීමත් සමගිනි.
පුරුදු පරිදි "අම්මේ" කියා ගෙට ගොඩඋනත් කිසිම හැලහොල්මනක් නැත.මම ගෙයින් එලියට බැස දෙවනත් කිරීමට පයන් ගතිමි.පලමු දෙවන ඇමතීමත් සමග අම්මාගේ පලපුරුදු කටහඩ මෙසේ ඇසුනි.
මම මෙහේ... අර ඉරටු සේරම වේයෝ කාලා තව තිබ්බොත් ගන්න දෙයක් නෑ මහත්තයෝ..
ඒ ඇගේ වචන විය.

මම එසැනින් නිගමනයට පැමිණියෙමි.පුරුදු ඇමතීම කොල්ලෝ වන අතර.යම් වැඩක් පලක් ඇති විට එය මහත්තයෝ බවට පෙරලේ.එනම් දැන් ඇත්තේ යහලුවාගේ ගමන ඉරටු කඩේ රැගෙන යාමට වෙනස් කිරීමටයි.
අම්මා මදු වැල් අටක් දහයක් බිම දමන්නට වින.මම ප්‍රශ්න කරන්නට තියාගතිමි.

‘‘මේ මොනවද මෙව්වා... ඔවගෙන් බැදල මග බැද බැද මට ඉන්න වෙයි..‘‘

‘‘ ඔකත් හොයාගත්තෙ කැලේ පුළුවන් තරම් පීරලා.උඹ ඉදපන්කො මං බැදල දෙන්නනම්..

මම තරමක කේන්තියෙන්, නිහඩව බිත්තියට හෙත්තුවී මෙසේ ද ඇසුවෙමි.‘‘

‘‘ කන්ඩ මොනවද තියෙන්නේ..?‘‘

‘‘පරිප්පුයි, මෑකරලුයි කරෝල තෙල් දාල..‘‘

‘‘වෙන මොනවත් නැද්ද..‘‘

‘‘තියන එවුව තමයි කීවෙ.උඹ පරිප්පු කනවනෙ..‘‘

‘‘හා.. ටිකක් බෙදන්න..‘‘

මා එසේ කියමින් ගෙට ගියේ ඇදුම් මාරු කර පුරුදු කඩයට එලියට යන එකම කමිසය සහ කලිසම ඇදීමටය.බොහෝ දෙනා මා ඒ ඇදුමින් ඇත තියා හදුනා ගැනීමට සමත්වේ.මා ඇදුම අැඟලා

රතින් රඟපු කෝළම සිහිවෙද්දි වෙරී




පෙති ගෝමර මල් ඇහැරී හිත   මැද්දේ
රති සාදය හතිදාගෙන බර         ඇද්දේ
නිති සාමෙන් හංස ලතාවන්      පැද්දේ
ඇති නෑ දැන් ගති පාමින්     ඉඟියක්දේ

හිතට හිතක් නලියන කුතුහලෙන්   කිපේ
නෙතට නෙතක් එක්වී බන්ධනේ   කැපේ
ගතට ගතක් ලන්වී නග්නයේ         හැපේ
වතට වතක් රත් දිය උණු හුමෙන්    පිපේ

ඉතින් සතුට බෝ වී ඉතිරිලා             කිරී
හිතින් කියයි දැන් ඇති සාදයත්         හරි
නෙතින් අඩසි බැල්මන් ආයෙමත්     බැරී
රතින් රඟපු කෝළම සිහිවෙද්දි       වෙරී