ශ්‍රී දේවි සමුගනී



ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රී දේවි කපූර් අභාවප්‍රාප්ත  තිබේ. 
හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ. ඒ ඇය ඩුබායි හිදී පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය.
ඇය මියයන විට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිට ඇති බව එක්  ආරංචිමාර්ගයක් පවසන අතර තවත් ආරංචිමාර්ගයක් කියා සිටින්නේ ඇය ඩුබායි හෝටලයේ තනිවම සිට ඇති බවය.
දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 150 වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට ඇගේ සිනමා ගමනේ සුවිශේෂී මතක සටහන්ය.
ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් 2013 වසරේදී ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.

No comments