දන්සල් වැඳ පන්සිල් කෑම




දන්සල් වදින්නට පන්සල් යන             පාරේ
පන්සිල් නොදත් උන් පෝලිම් වලට       පිරේ
කාලය කකා සීලය බිදගත්                   ආරේ
පාලිය නොදත් සිංහල අපි ලඟ             නෑරේ

රැ බෝ උනා මඟටම තදබද                 වින්දා
පන්සල් යන්න කාලය නැතිවද             මන්දා
පොඩි දන්සලක් දැක්කම කරමින්         නින්දා
පාගයි ලෑල්ලට සසරට දුර                  හින්දා

හැමදා දකින බුදුරුව ඇස් කොනින්         බලා
මල් ආසනේ ලගදිත් තව මුකුළු            වෙලා
වෙහෙසක් නැතිව හැම එකටම ඇහැක්    සලා
නම්බරයයි නමයි හෙමින් මතක්            කලා

2 comments:

  1. පන්සල් යනෙන මග දිගටම හැම පැත්තේ
    දන්සල් පෝය දිනයේනම් අඩු නැත්තේ
    දන්සල් වඳින්නට එන ඇතැමුන් ඒ මත්තේ
    පෙම්මල් නෙලයි එනමුදු භව දුර ඇත්තේ.....

    අපූරු කවි ටිකක්. අන්තම කවියේ අන්තිම පේළිය තාලයට එන්නෙ නෑ වගේ. ඒක ටිකක් වෙනස් කෙරුවොත් හොඳයි නේද මල්ලි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.මත් එකක් අඩුයි නේද?...

      ජය!

      Delete