පෙත්තකින් වඳ කරන්න පුළුවන්ද ? බැරිද ?










අවසානය තෙක් කියවන්න...

මේ දිනවල සමාජ ජාලා පුරා බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි බෙහෙත් පෙති අහාරවලට කවලම් කිරීමෙන් යම් කෙනෙකුව වඳ භාවයට පත් කිරීමට හැකිද යන්න. ඒ ප්‍රශ්නයට බොහෝ දෙනා විවිධ පිළිතුරු ලබා දී තිබෙන ආකාරය දැකගන්නට ලැබුනා. ඉතින් අපි ඒ පිළිබඳව සොයා බැලීමට සිතුවා. ඒ අනුව අපිට තේරුම් ගැනීමට හැකි වුනේ පෙතිවලින් වඳ කිරීමට පුළුවන් බවයි.කෙටි කාලීනව වඳ කිරීම සඳහා ඖෂද නිපදවා ඇති බවත්, එය දීර්ඝ කාලීනවද බලපෑ හැකි බවත් පෙනෙන්නට තිබුණා

කාන්තාවන්ට දරුවන් ලැබීම නැවැත්වීම සඳහා නම් පෙති වර්ග ඇති බව අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැනේ. කාන්තා උපත්පාලන පෙතිවර්ග නම් පහසුවෙන්ම ෆාමසියකින් ලබා ගන්නත් පුළුවන්නෙ. ඉතින් අප සොයා බැලුවේ පිරිමි කෙනෙකුට පෙති ලබා දීම මඟින් වඳ කිරීමට හැකිද කියායි.
මේ පිළිබඳව සොයා බැලීමේදී ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකම පළ කර තිබූ වෛද්‍ය ලිපි කිහිපයක්ම හමු වුණා. පිරිමි උපත්පාලන පෙති සම්බන්ඳව කෙරූ පරීක්ෂන පිළිබඳව මුලින්ම සටහන් වෙලා තිබෙන්නේ 1957 දී. ඉන්පසු නැවතත් 70 දශකයේදී පරීක්ෂණ සිදුකර තිබෙනවා. නමුත් ඒ හැම අවස්තාවකම වෙනත් අතුරු ආබාධ මතු වීම නිසා පරීක්ෂන නවතා දැමුවා. බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ කාන්තාවන්ට උපත් පාලන බෙහෙත් දිගින් දිගටම ලබා දීම හෝ උපත් පාලන කොපු භාවිතයට වඩා පිරිමි උපත් පාලන පෙති නිශ්පාදනය කිරීමට හැකිනම් ඉතාම පහසු බවයි.

මින් පසු වෛද්‍යවරුන්ගේ අවදානය යොමු වූයේ චීනයේ ගැමියන් භාවිත කෙරූ gossypol නම් ඖෂධය වෙතයි. කපු ආශ්‍රිතව ඉවතලන ද්‍රව්‍යකින් නිශ්පාදනය කරන මෙම ඖෂධය සියවස් ගානක් පුරා මිනිසුන් භාවිත කර තිබෙනවා. මෙය බොහොම ලාභ ඖෂධයක් බවයි වාර්තා වෙන්නේ. මෙය පරීක්ශනවලින් සාර්ථක වූ ඖධයක් බවට පත් කරගතහොත් විශාල ලාභයක් ලැබිය හැකි බව තේරුම් ගත් චීන රජය මිනිසුන්ට මෙම ඖෂධය ලබා දෙමින් පරීක්ෂන කිරීමට පටන් ගත්තා.1972දී මිනිසුන් 8606කට මෙම ඖෂදය ලබා දුන් බවයි සඳහන් වෙන්නේ.



Gossypo ශරීරගත කෙරූ බොහෝ දෙනෙකුගේ රුධිරයේ අඩංගු පොටෑසියම් ප්‍රමාණය අඩු වීමක් සිදුව ඇත. එමෙන්ම ඖෂධය ලබා ගැනීම නතර කෙරුවද, ශුක්‍රානු මට්ටම නැවත් පෙර තිබූ තත්වයට පත් වී නැහැ. නමුත් පර්‍යේශකයන් පවසා ඇත්තේ ශුක්‍රානු මට්ටමේ අඩු වීම සැලකියුතු මට්ටමක අඩු වීමක් නොවන බවයි. ඒත් මෙම ඖෂධය ලබාගත් අයගේ වෘශන කෝෂවල ශුක්‍රානු තැන්පත්වන නාල විනාශ වීමකට ලක් වී තිබුණා. මෙම ඖෂදයෙන් බලාපොරොත්‍තු වූයේ තාවකාලික උපත් පාලනයක් මිස සදාකාලික වඳ කිරීමක් නොවේ. මේ හේතු නිසා මෙම පරීක්ෂනයට තිබූ අවධානය ටිකෙන් ටික අඩු වී ඇති අතර අවසානයේදී නවතා දමා තිබෙනවා.

මේ අතර 2000 වර්ෂයේදී එඩින්බරෝ විශ්ව විද්‍යාලය සිදු කෙරූ පරීක්ෂනයක් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. BBC ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ ලොව පළමු වතාවට 100% ක් සාර්ථකව පිරිමින් සඳහා වූ උපත් පාලන බෙහෙතක් සොයා ගැනීමට සමත් වී ඇති බවයි. ඔවුන් එම ඖෂධය පරීක්ෂන මට්ටමින් තෝරාගත් පුද්ගලයන් කිහිපදෙනෙකුට ලබා දී තුබුණා. එහිදී මෙම ඖෂධය ශරීර ගත වූ පුද්ගලයන්ගෙන් විවිද අතුරු ආබාධ වාර්තාවන්නට වුනා. වමනේ යාම, ශරීරයේ වේදනා, නින්දේදී අධික දාඩිය දමීම,ආතතිය මෙහි අතුරු ආභාද ලෙස වාර්තා වී තිබෙනවා. විශේශයෙන්ම කලහකාරි හැසිරීම් සහ සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම වැනි භයානක අතුරු ආබාධ මතු වීමත් සමඟම එම ඖෂධය පිළිබඳ වූ බලාපොරොත්තුද අවසන් වුණා.

සාර්තක පිරිමි උපත් පාලන පෙත්තක් පිළිබඳව 2016දී ඉන්දුනීසියාවෙන්ද වාර්තා වෙනවා. ඉන්දුනීසියාවේ පැපුවා දූපතේ පිරිමින් අතීතයේ සිටම උපත් පාලනය සඳහා gendarussa ඖෂධය භාවිතා කරලා තිබෙනවා. මෙම ඖෂධය ලබා ගන්නේ gendarussa ශාකයෙන්ලු. මෙය තේ සමඟ හෝ වෙනත් පානයක් සමඟ බීමට හැකි බවයි පැවසෙන්නේ. අවම වශයෙන් ලිංගික එක් වීමට විනාඩි 30කට පෙර මෙම ඖශධය ලබාගත යුතු බව සඳහන් වෙනවා. මෙම බෙහෙතේ ශක්තිය ඉවත් වීමට දවස් 30ක් ගත වෙනවාලු. ඒ කාලයට පමණක් තාවකාලික වඳ භාවයට පත් වෙනවාලු. මෙහිදී සිදුවෙන්නේ මෙම ඖෂධය පිරිමියාගේ ශුක්‍රානු සමඟ එකතු වී එම ශුක්‍රානු ගැහැනියගේ ඩිම්බවලට ඇතුලුවීම වැලැක් වීමයි. විශේශිතම කාරණය නම් මෙතෙක් මෙම ඖෂධය ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇති නොවීමයි. දැනට මෙම පාරම්පරික ඖෂධය පිළිබඳව තායිලන්ත විශ්වවිද්‍යාලයක් පරීක්ෂණ කරමින් සිටිනවාලු. තවත් මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම ඖෂධයේ නමට බෙහෙවින් සමාන පිරිමි උපත් පාලන පෙති වර්ගයක් අන්තර්ජාලයේ විකිණීමට ඇති අයුරු සොයා ගැනීමට හැකි වුණා. එහි චායාරූප කිහිපයක් පහතින් දැක් වේ.





 අළුත්ම වාර්තාවලට අනුව 2017දී රාජ්‍ය නොවන සංවිධාන විසින් vibliome theraputics ආයතනයට, හත් කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් වෙන් කර දී තිබෙනවා පිරිමින් සඳහා වූ උපත් පාලන ඖෂදයක් සොයා ගැනීමට.Vasagel වෙළඳපළට නිකිත් වීමට සැලසුම් කර ඇත්තේ 2018-2020 අතර කාලයේදීය.


මේ අනුව අපට පෙනෙන්නේ වඳ බෙහෙත් ඇති බවත්, දැනට ඇති වඳ බෙහෙත්වලින් අතුරු ආභාද ඇති වෙන බැවින් ඒවා නීතියෙන් තහනම් කර ඇති බවත්‍ ය. ඒ අනුව ෆාමසිවල පිරිමි වඳ බෙහෙත් මිලදී ගැනීමට නොහැකි වුණත්, ජාවාරම් වෙළඳපොලෙ (black market) හි විකිණීමට ඇත. ඉහත සඳහන් කෙරූ තහනම් කල ඖෂධ අන්තර්ජාලයේද විකිණීමට ඇති අයුරු අපටද දැකගන්නට ලැබුණා. එමෙන්ම කාන්තාවන්ට උපත් පාලන බෙහෙත් ඕනෑ තරම් ඇති අතර දරු ගැබ විනාශ කරන, සූදුරුවලට සමාන පෙනුමැති සතකුප්ප වැනි, ආහාර ද්‍රවයද ඇත.

(උපුටාගැනීම Digital lokaya වෙබ් අඩවියෙනි)

No comments