පෙරහන් කඩය ඇයි තිබුණේ මුල කිතුලේ



වරහන් කරපු සිතිවිල්ලක් හද          පතුලේ
රහන් වෙන්න කලියෙන් කකියන    රතුලේ
කුරහන් පාට මගේ මැණිකා ගෙයි    ඇතුලේ
පෙරහන් කඩය ඇයි තිබුණේ මුල    කිතුලේ

දෙවට ලගින් එනකොට තනි පාළු    කැලේ
කවට කමට නොව කියපන් අහන   වෙලේ
ඉවට ගිහින් බැලුවම ගහ මුලම      බොලේ
රවට ගන්න බෑ හිත එය උඹ ද          කලේ

පුසුඹ පිරුණු පටලන පපු තිසර            පටී
මදක් ඉරුණු අඹුඩයකුත් එතන           වැටී
මදට තුරුණු රත දිලිසුණු මැණික්       කැටී
කුමට කරුණු ලැබුණත් උඹ රටක්       වටී

හිතා බලාපන් අද ගම            කැළඹෙන්ට
සතා උඹයි හිතුනා මට            වැලලෙන්ට
පතා සතුට ආවත් ගෙට         ගොඩවෙන්ට
ඉතා හොදින් කීවා               පලයන්යන්ට

9 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි.ජය!

      Delete
  2. රවට ගන්ට බෑ මගෙ හිත අය්යන්ඩී
    පවට කිම් කරමි උඹ කල විස බන්ඩී
    කවට කමට නොව මා කල හිත උණ්ඩි
    දුරට ගියා කීවේ ඇයි නෑනන්ඩී

    පපුතුර උන්නු ඒ හිමියන් හිටිද්දිම
    වටකර උනුන් රවටා හිමි වැහැංගුව
    මිටිකර දිවුර දිවුරා උන් නැහැ කිව්ව
    බලකර කිව්ව අප්පොච්චිට 'දියන් දුව'

    බබුන් නැති වෙතොත් මට දීගයක් නැතී
    හැපෙන් බිම වැටි උන් මට සිහිය නැතී
    කියන් මා ඇන්න උඹ වදුලට රිංගුවා ඇති
    මවුන් උන්න හින්දා මගේ පන රැකුණු ඇති

    ගිනිබිඳ කකුල් වැල්පටකින් තද කලද
    විනිවිද ගියේ නැහැ ඒ ආලය පපුව මැද
    වනවැද යනෙන ගමනට ඉව බලා අද
    ආවද බබුන් මම උන්නේ කඳුළු මැද

    ඇත්තයි හිතක් තිබ්බේ නැහැ උඹ ගැනම
    තිත්තයි යකඩ අත්ගොබ මගෙ ගත පෙළුම
    සත්තයි වාව ගන්නට බැරි උනි ඒ බැලුම
    සුද්දයි උඹේ නොපනත්කම් උන් ගැනම


    ReplyDelete
    Replies
    1. හරි ගියේ නැහැ අප්පා.... ආයෙමත් වෙලාවක හොඳ උත්තරයක් ලියන්න උත්සහ කරන්නම්කො. ඔබේ කවිය නම් බොහොම ලස්සනයි

      Delete
    2. ලස්සනයි.බොහොම ස්තූතියි වචන ඇමුණුවට.ජය!

      Delete
  3. කවිය පට්ටයි
    සංයමයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.ජය!

      Delete
  4. අයියෝ වෙලා තියෙන දෙයක්... හරි අපූරුයි පද ගැලපුම

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ.බොහොම ස්තූතියි.ජය!

      Delete