2017-05-30

ලංකාවේ ගංවතුර සහ ඕස්ට්‍රේලියාවේ ගංවතුර....


ලංකාවේ බිහිසුනු ගංවතුරක් ඇතිවෙලා. (1පිංතූරය) මිනිස්සුන්ගේ ජීවිත, දේපල, නිවාස, හරකා බාන, වැවිලි බෝග ආදී සකල මනාවම රුදුරු ගං වතුර අරන් ගිහින්.

ඊයේ මං ජතික රූපවාහිනිය, සිරස, ස්වර්ණවාහීනි, දෙරන, හිරු යන නාලිකා වල නිවුස් බැලුවා.

මේ හැමෝම විපතට පත්වූවන්ට ආධාර දෙන වැඩසටහන් අරඹලා. ඒක තමයි හැම නාලිකාවම ප්‍රමුක පුවත. පොලිස්පතිත් අපේ නාලිකාවට ආධාර දෙන්න කිව්වා කියලා එක් නාලිකාවක් කියනවා. අනික් නාලිකාත් අපි තමයි ආධාර දෙන මූලිකයෝ කියලා පොලොවෙ පස් කමින් කියනවා.

ඊට පස්සෙ ඉන්දියාවේන් ආධාර අරන් නැවක් ඇවිත්. නේවී එකෙන් ඒ නැවේ ආපු අයට සෙලුට් ගහනවා, රවී කරුනානායක ඉංදීය තානාපතිගෙන් ආධාර බාර ගන්නවා වගේ ජොලි දේවල් දෙවනි ප්‍රධාන පුවතින් පෙන්වනවා.

ඊලගට රූපවාහීනී වාර්තාකරුවෝ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් විපතට පත්වූ පෙදෙස් වලට යාමට වන සූදානම ඊලග පුවත. ගුවන් හමුදාවේ ගුන වගේම "බෙල්"

2017-05-28

විරුවාගේ සටහන



විරුවාගේ සටහන
-----------------------------------------------------
අනේ දහසක් මිනිස් ජීවිත ගොඩට ගන්නට හිතා ආවේ
ඉනේ බැදගෙන වුන්නු කෙඹල් කඹය දෝ මට හරස් වූවේ
දිනේ කවදා සිහිනෙකින් සිතු දේකටත් නොව මුහුණ පෑවේ
විනේ ඉහලින් නෙලුව පොලවට වැටී රෝහල් අදට බෑවේ

කාත් කවුරුත් කොහේ වේවිද මා මළොත් ගෙදරකට ඇත්තා
ඒත් තව තව මතක් වෙන්නෙ වතුර අස්සේ හිටිය අත්තා
ඈත් ගෙදරට වෙලා දරුවන් එක්ක තනිවෙයි කමක් නැත්තා 
මාත් මොහොතක් ලෙඩ ඇදේ දිත් නැවත එන්නට වාරු ගත්තා

සුර විරු කැල රකිනු සත්තයි මා නැතත් හැමදෙනම දෙරණේ
නෑර එකෙකුත් බේරගන්නට තමා ආවේ ජලය තරණේ
මාර යා පරදන්න බැරි බව බුදු බණෙත් කියවෙනා කරුණේ
පාර මේකයි යන්න යනවා හැමට පතලා තිසර සරණේ

"ජලයෙන් ජීවිත හානි වූ සියලුදෙනට නිවන් සුව"

Hacking වලින් බේරෙන්න මේක කියවන්න

Hack කරන හැටි දැනගන්න. ඔබත් Internet Cafe යනවාද? රහසිගත උපාංග පිලිබඳ ඔබ දන්නවාද? Pen Drive එකකින් ඔබේ පරිගණකය නිරුවත් කළ හැකි බව ඔබ දන්නවද? එක Mouse Click එකකින් ඔබේ ගිණුම අන් කෙනෙකු අතට යා හැකි බව ඔබ දැන සිටියාද? Apps & Games වල රහසිගත මෙහෙයුම්. මේ දවස්වල අලුත්ම Facebook වංචනික කටයුතු. කියවන්න. නොදන්නා දේ

2017-05-27

ජීවිත තීන්දු


වැගුරූ දහදිය බිංදු
කරයි ජීවිත තීන්දු...
එකෙක් කී... සිංදු
දෑසේ කදුළු රැන්දු...
සිතුවම් හද ඇන්දු
එකීටම හිත බැන්දු...
නිසාවට දුක කැන්දු
හදවත වුනා හෝන්දු...

"ඉතින් සැලකිලිමත් වන්න, ඔබව යම් මොහොතක යම් අයකුට ඕනෑකර තිබිය හැක"

සුප්‍රසිද්ධ පෙෘද්ගලික ව්‍යාපාරික ආයතනයක කළමනාකරු ලෙස සේවයේ නියතු එක්තරා තරුණයෙකු ට එම ආයතනයේ හොදම කළමනාකරු සෙල සේවය කිරීම සම්බන්දව ඇගයීමට ප්‍රාප්ත වීමට වාසනාව ලැබුණි.එය ඔහුගේ උනන්දුව සහ කැපවීමෙහි ප්‍රතිඵලයක්.


මේ බව අදාල උත්සව දිනට පෙරදිනයෙහි තම ආයතන ප්‍රධානියා විසින් ඔහුව දැනුවත් කර පසුදින ඒ සදහා අනිවාර්යයෙන් උත්සවයට සහභාගි වියයුතු බව මතක්කර සිටිනවා.


සම්මාන පිලිගැන්වීමේ උත්සවය සදහා අදාල දිනයේ තරුණයා ඉතා පිළිවලට සුපුරුදු වැදගත් ප්‍රියමනාප පෙනුමින් සැරසී උත්සව සභාවෙහි නියමිත ස්ථානයේ තම සම්මානය ලබාගැනීමේ අරමුණ ඇතිවයි අසුන්ගන්නවා.


උත්සවය ආරම්භව වැඩකටයුතු අලංකාරව කෙරීගෙන යන අතරවාරයේ ඉතා ඉහල හඩින් කරන ලද දිගු වර්ණනාවත් සමග නිවේදකයා අතින් ඔහුගේ නම කියවෙනවා.දැන් එළඹ ඇත්තේ නොයිවසිල්ලෙන් බලා සිටි ඔහුගේ සම්මාන ප්‍රදානය භාරගැනීමේ මොහොතයි.ඒත් සමගම තරුණයා තම අසුනින් නැගිට උණුසුම් අත්පොලසන් මැද වේදිකාවට ගොඩවනවා.
එහිදී ඉතාවටිනා සහතිකයක් සමග පදක්කම් පැලදවීමෙන් පසුව ඔහුට සභාව ඇමතීමට අවස්ථාව උදාවෙනවා.ඒ ඔහුගේ සාර්ථකත්වය පිලිබද මුළුමහත් ආයතනික සේවකයන්ද ඇතුළු එහි සභාවට ආදර්ශයක් වීම පිණිස කළමනාකරණ ජීවිතය පිලිබද පැහැදිලි කීරීම සදහාය.


සභාව ඇමතිම ආරම්භව කතාව කෙටි වෙලාවක් ගලායන අතරතුර තම දුරකථනයට ඇමතුමක් එනවා.ඔහු එයට අවදානය නොදී කතාව කරගෙන යනවා.නමුත් නැවත නැවත ඇමතුම ගලා ඒමට පටන් ගන්නවා.එවිට ඔහු සූක්ෂමව තම සාක්කුවට අත දමා දුරකථනය ක්‍රියාවිරහිත කරනවා.පසුව තම සභාව ඇමතීම මනාව සිදුකොට උත්සවය අවසන්ව නිවස බලා ඒමට තරුණයා පිටත් වුණා.


ඔහු ට නිවසේ කඩුල්ල අසලට තම මෝටර් රථය ලංවත්ම යම් වෙනසක් හැගුණි.ඊට හේතුව නිවසට බොහෝ අසල්වාසීන් පිරිසක් රැස්ව සිටීමයි.දැඩි කුතුහලයෙන් යුතුව වහා රථය නවතා ගේ තුලට දිවගිය ඔහුට දැකීමට සිදුවුයේ තම ඇස් අදහාගත නොහැක්කකි.


තම මහළු මව ඇගේ නිදි පැදුර මත අවසන් සුසුම් නිදහස් කර නිදහසේ වැතිර සිටින දුටු ඔහුට සියල්ල අවබෝධ වීමත් සමග මනස කම්පනය කරමින් වෙදනා බරිතව ඇය බදාගෙනම හඩන්නය වුණි.නමුත් දැන් ඔහු පමාවී අැත.
අවිවාහක පුතා සහ තම මව පමණක් ජීවිතය ගෙවු ඔවුන් ඉතා සතුටින් ජීවත් වූවත් මව ඉතා අසාද්‍යව රෝගී තත්වයකින් පසුවිය.පුතුට ආ දුරකථන ඇමතුම අන් කිසිවකුගෙන් නොව තම මවගේ දුරකථනයනි.රෝගය උත්සන්න මොහොතක ලබාගන්නා බෙහෙත් පෙති අවසන්ව පෙරදින එය පුතුට ගෙන ඒමට කියා ඇති අතර එය ගෙන ආවද පුතාට තම කාර්යබහුලත්වය නිසාම එය මෝටර් රථය තුලම බැරිවිණ.

උත්සව සභාවෙහි පැමිණි ඇමතුම මවගේ එම බෙහෙත් පුතා ගෙනැවිත් තැබූ ස්ථානය වීමසීමට වන අතර එය ඇගේ අවසන් මොහොතට ආසන්නම ගෙවූ කාලපරාසය විය.අවසන් ප්‍රතිඵලය වුයේ මවට ජීවිතයද පුතුට මවද අකාලයේ අහිවීමය.
-------------------------------

මා වෙන කිසිත් නොකියමි.ප්‍රශ්නය නම් අප ජීවිතේ ඇතැම් වටිනා දේ හිමිකර ගැනීමට කැපකරන ලද කැපකිරීමේ ආවස්ථික පිරිවැය හෘදසාක්ෂියට කෙතරම් සාධාරණීකරණයට ලක්කල හැකිද යන්නයි.

"ඉතින් සැලකිලිමත් වන්න, ඔබව යම් මොහොතක යම් අයකුට ඕනෑකර තිබිය හැක"

2017-05-26

ඉල් සුබ නැකත


නෙරියෙන් බුරිය වහගෙන යනකොට    එතනා
කොරියෙන් ගෙනා ගල් වංගෙඩියක්      හිතුනා
ලොරියෙන් බාපු වට්ටක්කත් දෙවෙනි       උනා
කරියෙන් උනත් මං කෑවේ හොදිය          අනා

මල් මල් චීත්තය තුත්තිරි           ගල්වන්න
වල් පැළ තියේනම් මට හැකි       උදුරන්න
කල් යල් බලා බිම් හේනක්          වපුරන්න
ඉල් සුබ නැකත නඟුලෙන් වැඩ   කරවන්න

නින්දක් නැතිව සිහිනයකුත්        පෙන්නාලා
හැන්දක් ඇතිව කිරි කෑවම පැණි           දාලා
කෙන්දක් ඇබින්දක් නොව සෙනෙහස   දීලා
ලන්දක් කපා එළිකෙරුවෙම්           රඟපාලා

දෛවයට අභියෝගකල ධනාත්මක චින්තකයා.



දුෂන්කා සහ බොරිස්ලව් යුවළ යුගෝස්ලාවියාවේ "සර්බියානු ඔර්තොඩොක්ස් නිකායේ" උපදේශකවරු දෙන්නෙක්, 80 දශකයේ මුල ඒ දෙන්නා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්  වල පල්ලියක ක්රියකාරිකයෝ විදිහට එනවා. ඇවිත් තරුණිය හෙදියක් සහ තරුණයා ව්‍යාපාර කළමනාකාර ක්ෂේඨ්රයේ රැකියා කරනවා. ඔවුන්ගේ අපේක්ෂාවන් මල් පලගන්වමින් 1982 දෙසැම්බර් 4 වෙනිදා ඔවුන්ට පුතෙක් ඉපදෙනවා.
  
නමුත් ඒ දරුවා අසාමාන්‍ය ලෙස
වෙනස් කෙනෙක්. අත් දෙක සහ කකුල් දෙක නැති දරුවෙක්. චිකන් ඩ්රම්ස්ටික් එකක් වගේ.   මවට අදහගන්න බැරිවෙනවා. ඒක tetra amalia කියලා දුර්ලභ රෝගී තත්වයක්.      අවසානයේ දෙවියන්ගේ කැමැත්ත එලෙසින්ම බාරගන්නවා.   
Nicholas James Vujicic තමයි දරුවට තියන නම. නිකලස් කියන නම කෙටිකරලා නික් විදිහට භාවිතා කරන්න ගත්තා.  ඔහු වෙනුවෙන් හැමදේම වෙනස් විදිහට තෝරන්න උනා. පාසලේදී මග තොටදී උසුළු විසුළු වලට ලක් උණා. යාලුවෝ වගේ ලියන්න, සෙල්ලම් කරන්න බෑ.  වයස් අවු.6 දී නික් දවසක් කණ්නාඩිය ලඟට ගිහින් ඔහු දිහාම බලන් හිටියා. "මගේ මේ නිල් පාට තරු ඇස් දෙක කාටවත්ම  වෙනස් කරන්න බැහැ" ඔහු කියාගත්තා.

 නමුත් ඔහු නිතරම මානසික තැවුලට පත්වුණා. වයස 10 දී විතර වතුරට පැනල දිවි නසාගන්න උත්සහ කළා.  එදා අම්මා ඔහුට පත්තර පිටුවක් පෙන්නුවා. ඔහු වගේම පුද්ගලයෙක් තනියම ජිවිතේ දිනපු. එදා ඉඳන් අනිත් හැමෝම තනියම කරපු දේවල් තනියම කළා. හොඳින් ඉගෙන ගත්තා.


  අවු: 21 වෙද්දී උපාධි දෙකක් ලබා ගන්නවා. ඔහු වගේම අයට ගුරුහරුකම් දෙනවා.  විශේෂම දෙය සර්ව සම්පූර්ණව ඉපදිලා ජීවිතේ දිනන්න අරමුණක් හොයන අයට ධනාත්මක චින්තන උපදේශකයෙක් විදිහට ජීවිතය දිනන්න උදව් වෙනවා. ඒ සම්බන්ධ පොත්පත්, වීඩියෝ, ෆිල්ම් නිකුත් කරනවා.
 2012 දී එයාගේ ජීවිතේට සුන්දර සහකාරියක් එකතුවෙනවා. එයා Kanae Miyahara.
 ඔවුන්ගේ ලෝකෙට දරුවෝ දෙන්නෙකුත් එකතුවෙනවා. 
දැන් ඔහු ලෝකේ ප්රීතිමත්ම කෙනෙක්.

@මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි...

2017-05-25

එය උත්තරීතර ආදරයේ පමණක් නොව සදාකාලික ශෝකයේද අපරිමිත වේදනාවේද ප්‍රකාශනය විය.


ඉන්දියාවේ ඉතිහාසගත මෝගල් අධිරාජ්‍යයේ 5 වැනි මෝගල් අධිරාඡ්‍යයා වු ෂාඡහාන්
අද්විතීය ආක්‍රමණිකයකුවූ චිංගිස් කාන්ගේ පරපුරෙන් පැවත එන්නෙකි. හේ මහා අක්බාර් අධිරාඡයාග

මුණුපුරෙකි. රෑමත් මුම්ටාස් මහල් ඔහුගේ බිරිද විය. ඔහුට දාව ඇය දරැවන් 13 දෙනෙකු මොලොවට බිහි කලාය.ඇය සිටියේ සිය 14 වැනි දරැ ප්‍රසූතියට සුදානම් වෙමිනි. ඒ 1631 වර්ෂයයි. ඒ වර්ෂය සාජහාන්ට විරැද්ධව අධිරාජ්‍යයේ කැරලි පැන නැගුනු කාලයයි. මේ එක් කැරල්ලක් මර්ධනය සදහා සාඡහාන් යුධ පෙරමුණට යා යුතුව තිබිනි. මේ සදහා තමාවත් යුධ පෙරමුණ කරා රැගෙන යන ලෙස මුම්ටාස් ඇවිටිලි කලෙන් සහඡාන් යුධ පෙරමුණට ගියේ ගැබිනියකවූ මුම්ටාස්වත් රැගෙනය.යුධ කුඩාරමක් තුල මුම්ටාස් සිය 14 වැනි දරැවා ප්‍රසූත කලද දරැ ප්‍රසූතියේදී මුම්ටාස් මිය ගියාය. මින් කම්පණයට පත් සාඡහාන් යුද්ධය සිය සෙනෙවියන්ට භාර දෙමින් මුම්ටාස්ගේ ප්‍රාණය නිරැද්ධ දේහයද රැගෙන නැවත සිය නුවර වන අග්‍රා වෙත පැමිනියේය. අනතුරැව හේ සිය මාලිගයේ සදලුතලයට පෙනෙන ඉසව්වෙන් යමුනා ගංගා තීරය අසබඩ රමණිය බිමි තීරයක ඇගේ දේහය තබා ඒ වටා සොහොන් ගෙයක් ඉදි කලේය. සේවකයන් 22,000 ක් යොදවා වසර 22 ක් තිස්සේ ඔහු මෙය ගොඩනැංවූ බව ඉතිහාසය අපට කියයි. ‘‘ ටාඡ් මහල් ‘‘ යනුවෙන් සාඡහාන් එය නම් කලේය. ඊටම නුදුරින් එහි ආකෘතියටම තමාගේ සොහොන් ගෙයත් කලු පැහැති පාෂාණයෙන් ඉදිකල සාඡහාන්ට සිය අධිරාජ්‍යයේ ඔටුන්න පැළදගෙන සිටීමට ඔහුගේ පුත්තු ඉඩ තැබුවේ නැත.ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අවුරන්ගාසබ් සිය සොහොයුරා වු සූඡා හා එක්ව පියරඡු ඔහුගේම සෙහොන් මැදුරේ සිරගත කර ඒ වටා දැඩි ආරක්ෂිත මුර සෙබලුන් තබා සාඡහාන්ගේ අධිරාජ්‍යයේ කිරීටය උදුරා ගත්තෝය .පුරා වර්ෂ 8 ක් සාජහාන් දුක්ඛිත සිරකරැවෙක්ව සිට 1666 වර්ෂයේ මිය ගියේය.

2017-05-24

ඉරටු මිටිය...



මා පාසල නිමව නිවසට පැමිණියේ පංතියේ මිතුරකුගේ ගෙදර යන එකම බලාපොරොත්තුව තදින්ම හිතේ බරකරගනිමිනි.

බලාපොරොත්තු දෑසින්ම ඉහිරි ගියේ කුස්සි මිදුල පුරා විහිරී තිබූ බුරුල් වූ ඉරටු මිටි දැකීමත් සමගිනි.
පුරුදු පරිදි "අම්මේ" කියා ගෙට ගොඩඋනත් කිසිම හැලහොල්මනක් නැත.මම ගෙයින් එලියට බැස දෙවනත් කිරීමට පයන් ගතිමි.පලමු දෙවන ඇමතීමත් සමග අම්මාගේ පලපුරුදු කටහඩ මෙසේ ඇසුනි.
මම මෙහේ... අර ඉරටු සේරම වේයෝ කාලා තව තිබ්බොත් ගන්න දෙයක් නෑ මහත්තයෝ..
ඒ ඇගේ වචන විය.

මම එසැනින් නිගමනයට පැමිණියෙමි.පුරුදු ඇමතීම කොල්ලෝ වන අතර.යම් වැඩක් පලක් ඇති විට එය මහත්තයෝ බවට පෙරලේ.එනම් දැන් ඇත්තේ යහලුවාගේ ගමන ඉරටු කඩේ රැගෙන යාමට වෙනස් කිරීමටයි.
අම්මා මදු වැල් අටක් දහයක් බිම දමන්නට වින.මම ප්‍රශ්න කරන්නට තියාගතිමි.

‘‘මේ මොනවද මෙව්වා... ඔවගෙන් බැදල මග බැද බැද මට ඉන්න වෙයි..‘‘

‘‘ ඔකත් හොයාගත්තෙ කැලේ පුළුවන් තරම් පීරලා.උඹ ඉදපන්කො මං බැදල දෙන්නනම්..

මම තරමක කේන්තියෙන්, නිහඩව බිත්තියට හෙත්තුවී මෙසේ ද ඇසුවෙමි.‘‘

‘‘ කන්ඩ මොනවද තියෙන්නේ..?‘‘

‘‘පරිප්පුයි, මෑකරලුයි කරෝල තෙල් දාල..‘‘

‘‘වෙන මොනවත් නැද්ද..‘‘

‘‘තියන එවුව තමයි කීවෙ.උඹ පරිප්පු කනවනෙ..‘‘

‘‘හා.. ටිකක් බෙදන්න..‘‘

මා එසේ කියමින් ගෙට ගියේ ඇදුම් මාරු කර පුරුදු කඩයට එලියට යන එකම කමිසය සහ කලිසම ඇදීමටය.බොහෝ දෙනා මා ඒ ඇදුමින් ඇත තියා හදුනා ගැනීමට සමත්වේ.මා ඇදුම අැඟලා

රතින් රඟපු කෝළම සිහිවෙද්දි වෙරී




පෙති ගෝමර මල් ඇහැරී හිත   මැද්දේ
රති සාදය හතිදාගෙන බර         ඇද්දේ
නිති සාමෙන් හංස ලතාවන්      පැද්දේ
ඇති නෑ දැන් ගති පාමින්     ඉඟියක්දේ

හිතට හිතක් නලියන කුතුහලෙන්   කිපේ
නෙතට නෙතක් එක්වී බන්ධනේ   කැපේ
ගතට ගතක් ලන්වී නග්නයේ         හැපේ
වතට වතක් රත් දිය උණු හුමෙන්    පිපේ

ඉතින් සතුට බෝ වී ඉතිරිලා             කිරී
හිතින් කියයි දැන් ඇති සාදයත්         හරි
නෙතින් අඩසි බැල්මන් ආයෙමත්     බැරී
රතින් රඟපු කෝළම සිහිවෙද්දි       වෙරී

2017-05-23

වාව් නංගි


දියරෙද්දට හතරවටින් ලයික්                 වැටේ
වාවූ නංගි සෝ බියුටී කියපු                    කටේ
පැණි හල හල ඉන්න එවුන් දැපනෙ        වැටේ
දැන් තියෙන්නේ එහෙව් එකක් මෙහෙවු   රටේ

අම්මා



සිද්ධිය මතක ඇති වැසිකිළියක         අම්මා
තවත් තාත්තෙක් බලුකූඩුවෙ             දැම්මා
එහෙව් රටක තවත් පුතෙක්         කිරි අම්මා 
දෑත් දරා පඩි දහසක් ගොඩ               දැම්මා

සිල් පදේ


කැඩුවම සිල්පදේ තුන්වැනි තැනට                     එන
දැනුනත් පහස තහනම් ගහෙ ගෙඩිය                  කන
තිබුණොත් ලෙඩේ බෙහෙතක් ලොව නැතිය      වෙන
හැදුනොත් ඒඩ්ස් තුරු විදවයි මැරෙණ                තැන

පොඩි සාදු


වාසි බලා


කළුසල්ලි


නගනය


නොපිපි මලක


මොණර කොලේ


මුදලට


තම්බා හැළිය ලිප්බොක්ක්             තියාගෙන
හැමදා දෙනෙත් දොරකඩ ඇණ      තියාගෙන
බිරිඳිය හිදී ඔහු එන මඟ                 බලාගෙන
හිමිසඳ දුවයි මුදලට සැප             හොයාගෙන

සැපක්


පෝස්ටරේ


සල්ලි පිල්ලි


දන්සල් වැඳ පන්සිල් කෑම




දන්සල් වදින්නට පන්සල් යන             පාරේ
පන්සිල් නොදත් උන් පෝලිම් වලට       පිරේ
කාලය කකා සීලය බිදගත්                   ආරේ
පාලිය නොදත් සිංහල අපි ලඟ             නෑරේ

රැ බෝ උනා මඟටම තදබද                 වින්දා
පන්සල් යන්න කාලය නැතිවද             මන්දා
පොඩි දන්සලක් දැක්කම කරමින්         නින්දා
පාගයි ලෑල්ලට සසරට දුර                  හින්දා

හැමදා දකින බුදුරුව ඇස් කොනින්         බලා
මල් ආසනේ ලගදිත් තව මුකුළු            වෙලා
වෙහෙසක් නැතිව හැම එකටම ඇහැක්    සලා
නම්බරයයි නමයි හෙමින් මතක්            කලා

2017-05-06

පත්ඉරුවක නොලීවාට


සත් පිවිතුරු චේතනාව හිතේ මුලට               වැද
මත් වෙනතුරු රතියාගය මතුරනකොට          සඳ
පත් ඉරුවක නොලීවාට පොරොන්දමින්        බැද
ගත් සිතිවිලි සිත්සතොසින් මුලාලිමුද              අද