2016-07-11

පැල්ලම


සිතිවිලි වලට අතවර කර


51 නිර්මාණ අංක 51


50 නිර්මාණ අංක 50


49 නිර්මාණ අංක 49


48 සෙනෙහසක හැටි


47 නිර්මාණ අංක 47


46 නිර්මාණ අංක 46


45 නිර්මාණ අංක 45


44 නිර්මාණ අංක 44


43 නිර්මාණ අංක 43


42 නිර්මාණ අංක 42


41 නිර්මාණ අංක 41


40 නිර්මාණ අංක 40


39 නිර්මාණ අංක 39


38 නිර්මාණ අංක 38


37 නිර්මාණ අංක 37


36 නිර්මාණ අංක 36


35 නිර්මාණ අංක 35


34 නිර්මාණ අංක 34


33 නිර්මාණ අංක 33


32 නිර්මාණ අංක 32


31 නිර්මාණ අංක 31


30 නිර්මාණ අංක 30


සොච්චම් පිහිට


සල්ලාල සෙල්ලම



_______සල්ලාල සෙල්ලම________

            සල්ලාල සෙල්ලමට
            දමා කඩුව කොපුවට
            දමයි ශිල්පය මුදලට
            නැගී සයන පිටියට…

            ක්‍රීඩාව තම ඉවර කොට
            මිලගෙවා කෙලි බඩුවට
            මීවිතින් මත්ව පදමට
            හිස හැරුණි ගෙපැලට…

            හිස් අතින් පය තබාගෙට
            පැටවුන් සමග තම බිරිදට
            දමන සක්විති බැල්මකට
            හැකිද උඹෙ පව ගෙවනට…

උඹේ බලු කට


__________උඹේ බලු කට__________

             නියපිට මඩ, කහට
             දැක්ක නුඹලා, මට
             අපහස කරන, කට
             බලු බස උඹේ, නිවට...

             බෙදා බත්, පිගානට
             කෑවත් බඩට, බත්ඇට
             මිලට ගත්, හාලට
             ණයයි උඹලා, හෙට...

            මගේ මඩ, කහට
            ගතේ දහඩිය, රහට
            තමයි උඹෙ, බලුකට
            ඇරෙයි බඩගිනි, දැනෙනකොට...

නොකිරූ බර



_______නොකිරූ බර_______________

එපා යන්න අහකට ඇහැ           හරවාන
ඇවිත් යන්න බර චුටිටක්          කිරවාන
බඩේ පොත්ත පිටකොන්දට      අලවාන
බලා හිදිම් පඩිපෙල මත           ඇස්ලාන

රුපියල් දහයට මම බර           කිරන්නේ
ඒ දහයෙන් දිවි බර සරි            කරන්නේ
ගතේ සවිය නැති හින්දයි          යදින්නේ
අදින් පසුව හෙට ඒවිද          නොදන්නේ

උපද්දවපු දරුසම්පත් කොතෙක්       කියා
හිටියත් උන් වහන්වෙලා දුරක්          ගියා
කාවදා හෝ හිතුනොත් මම පියෙක්   කියා
බලා හිදිම් උන් එනතුරු දෙනෙත්      අයා

ආල සීට්ටුව


____ආල සීටිටුව____________________

නිතර මසිතට අවනතය නුඹ හරිම කීකරු         සදවතී
ඇසට රසදුන මවන ඔසුවකි නිතර හිත දෙන    රසවතී
පින්සාර හිත පින්තාරු කල පින්සලකි මට       හිතවතී
හැමදාම උඔ ලගින් ඉදපන් නොයා දුරකට       මදුමතී

හංස ජෝඩුව සිහවුනා මට තිසර පැයට            හිතපිරී
නිතඹ පද්දා දුවන ගමනට ආල වස්සන        නෙත්සරී
කිතුල් කෙහෙරැල් පියුම ඉහිරී දුවයි සුලගට       දඟපිරී
තවත් කෝලම් මොකද ඇස් දෙක රාග වස්සන හිතපිරී


අහඹුවක රස නොවිදි මී පැණි බිංදුවකි රූ         සුන්දරී
නින්ද නෑ මට විටෙක නුඹ ගැන විතරයි හිත     ගින්දරී
නන්දෙසින් දුටු රූ දසුන් මට මොටද ඹය ඇති    රංසරී
තුරුලුවන්නට එන්න ලගටම නියම කාලය     දැන්හරී

ස්වාමින් වහන්සේ ට සුබපැතුමක්


සම්බුදු රදුන් දෙසු ධම්කඳ කර               පින්නා
ලොවට බෙදන්නට නුඹ හිමි වෙහෙ    සෙන්නා
මෙතේබුදුන් දැක නිවනට මඟ               දන්නා
අපේ සමිදු ආයුෂ තව වැඩි                  වෙන්නා

පිරිකර


සතෙන් සතේ එක්කරනට කලක්           ගියා
හිසේ දරාගෙන පිරිකර අරන්                 ගියා
පූජා කර ගෙදර ඇවිත් පැයක්                ගියා
කඩෙන් ඇවිත් ආපහු එය අරන්             ගියා

නැ වෙන සම


නිම්මා නැති සෙනෙහෙ වෑහෙන       කදුළුකැට
පෙන්නා මට නොමැත කිසිදින         මුහුණකට
දුන්නා රස බොජුන් මට මිස නැත            නුඹට
අම්මා නුඹය නැත වෙන සම           කිසිවෙකුට