ආල සීට්ටුව


____ආල සීටිටුව____________________

නිතර මසිතට අවනතය නුඹ හරිම කීකරු         සදවතී
ඇසට රසදුන මවන ඔසුවකි නිතර හිත දෙන    රසවතී
පින්සාර හිත පින්තාරු කල පින්සලකි මට       හිතවතී
හැමදාම උඔ ලගින් ඉදපන් නොයා දුරකට       මදුමතී

හංස ජෝඩුව සිහවුනා මට තිසර පැයට            හිතපිරී
නිතඹ පද්දා දුවන ගමනට ආල වස්සන        නෙත්සරී
කිතුල් කෙහෙරැල් පියුම ඉහිරී දුවයි සුලගට       දඟපිරී
තවත් කෝලම් මොකද ඇස් දෙක රාග වස්සන හිතපිරී


අහඹුවක රස නොවිදි මී පැණි බිංදුවකි රූ         සුන්දරී
නින්ද නෑ මට විටෙක නුඹ ගැන විතරයි හිත     ගින්දරී
නන්දෙසින් දුටු රූ දසුන් මට මොටද ඹය ඇති    රංසරී
තුරුලුවන්නට එන්න ලගටම නියම කාලය     දැන්හරී