සල්ලාල සෙල්ලම



_______සල්ලාල සෙල්ලම________

            සල්ලාල සෙල්ලමට
            දමා කඩුව කොපුවට
            දමයි ශිල්පය මුදලට
            නැගී සයන පිටියට…

            ක්‍රීඩාව තම ඉවර කොට
            මිලගෙවා කෙලි බඩුවට
            මීවිතින් මත්ව පදමට
            හිස හැරුණි ගෙපැලට…

            හිස් අතින් පය තබාගෙට
            පැටවුන් සමග තම බිරිදට
            දමන සක්විති බැල්මකට
            හැකිද උඹෙ පව ගෙවනට…