නොකිරූ බර
_______නොකිරූ බර_______________
එපා යන්න අහකට ඇහැ හරවාන
ඇවිත් යන්න බර චුටිටක් කිරවාන
බඩේ පොත්ත පිටකොන්දට අලවාන
බලා හිදිම් පඩිපෙල මත ඇස්ලාන
රුපියල් දහයට මම බර කිරන්නේ
ඒ දහයෙන් දිවි බර සරි කරන්නේ
ගතේ සවිය නැති හින්දයි යදින්නේ
අදින් පසුව හෙට ඒවිද නොදන්නේ
උපද්දවපු දරුසම්පත් කොතෙක් කියා
හිටියත් උන් වහන්වෙලා දුරක් ගියා
කාවදා හෝ හිතුනොත් මම පියෙක් කියා
බලා හිදිම් උන් එනතුරු දෙනෙත් අයා
