හත්මුතු පරපුර මෙසේ ය
හත්මුතු පරම්පරාව යනු කුමක්දැයි ඇසුවහොත්, නිසැකවම ලැබෙන පිළිතුර වන්නේ, යම් පවුලක පිය පුතු පරම්පරාවෙන් පැවතෙන දරු මුණුපුරන් පරම්පරාව බවයි. නමුත් ඇත්තෙන්ම ඊට වඩා වැඩි ගැඹුරු අරුතක්, හත්මුතු පරම්පරාව යන පදය තුළ ඇත. එය පද නිරුක්ති අර්ථයෙන් විග්‍රහ කළ විට එහි නිවැරැදි අදහස දැකිය හැක.
හත් + මුතු යන පද එක්ව හත්මුතු යන පදය සෑදි ඇත. හත් යනු සංඛ්‍යාත්මකව හත යන්නයි. මුතු යනු මුක්ත හෙවත් මිදුණු යන්නයි. (සටකපටකමින් මිදුණු යන අර්ථයෙන්, සැල + මුතු = සැලමුතු යන පදය යෙදේ). ඒ අනුව හත්මුතු පරපුර යන හත් ආකාරයකට නුවණින් වැඩෙමින් මිදීම හෙවත් මුක්තිය ලබා ගත් පිරිසයි.
ඒ ආර්ය හත්මුතු පරපුර මෙසේ ය.
1. අත්තා
2. මුත්තා
3. නත්තා
4. පනත්තා
5. කිත්තා
6. කිරිකිත්තා
7. කිරිකෑමුත්තා
හෙළ බස බොහෝ දියුණු බසකි. හෙළ බසෙහි එන ඇතැම් යෙදුම්, උපමා රූපක තුළ බොහෝ ගැඹුරු අරුත් ගැබ් වී ඇත. සිවි පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේලා වෙතින් පැවත එන උතුම් භාෂාවක් වන හෙළ බසෙහි, බොහෝ පද, වචන බිහි වී ඇත්තේ, බුදු දහම මූලික කරගෙන වීම විශේෂත්වයකි.
ඉහත හත්මුතු පරපුර දහම් පද නිරුක්තියෙන් අරුත් ගැන්වෙන්නේ මෙසේ ය.
යමෙකු, නිර්මල බුදු දහම අසා අවබෝධ කළ විට, ඔහු අර්ථය අනර්ථය නිවැරැදිව තෝරා ගන්නට සමත් අයෙකු වෙයි. එයින්ම ඔහු අර්ථයට පත්වෙයි. අත්තා යනු අර්ථයට පත්වීමයි.
ධර්මාවබෝධය නිසාම, ඔහුගේ ජීවිතය එසේ අර්ථවීම ඇරඹෙයි. කල්යත්ම ජීවිතය අර්ථයෙන් මුහුකුරා යයි. අර්ථය සමග මුහුවෙයි. (මුහු + අත්තා) එවිට මුත්තා නම් වෙයි.
අර්ථයෙන් ඤාණයෙන් මුහුකුරා යන විට, සසර යනු අර්ථයක් නොමැති (න+අත්ත = නත්ත) තැනක්ම බව වැටහෙයි. අනත්ත ලක්ෂණය හොදින්ම අවබෝධ වන මට්ටමට ඤාණය මුහුකුරා යන විට නත්තා බවට පත්වෙයි.
ධර්මාවබෝධය තුළින් තවදුරටත් ඤාණය මුහුකුරා යනවිට, පංච කාමය යනු අසාර වූවක් බව, අනත්ත වූවක් බවම වැටහෙයි. එයින් කාමරාගය දුරුව යයි. පංචකාමයේ හෙවත් පහේ අර්ථයක් නැති බව වැටහෙන විට, පහ + න + අත්ත = පනත්තා බවට පත් වෙයි.
ආර්ය මාර්ගය තුළ තවදුරටත් ගමන් කරන විට, තවදුරටත් නුවණ මුහුකුරා යන විට, ලද අවබෝධය තුළින්, අර්ථය ලොවට කියන්නෙකු බවට පත්වෙයි. එනම් කිත්තා බවට පත්වෙයි.
තවදුරටත් නුවණ තීව්‍ර වන විට, නිවන උදෙසා කළ යුතු දේ, ක්‍රියාවේ යෙදිය යුතු ආකාරය ලොවට කියන්නෙකු බවට පත්වෙයි. එනම් කිරිකිත්තා බවට පත්වෙයි.
නුවණ උච්චතම කඩඉමට ළඟාවන විට, නිවන උදෙසා, කළ යුතු සියල්ල කර අවසන් කළ උත්තමයෙකු බවට පත්වෙයි. එවිට ක්‍රියාවෙන් කළ යුතු සියල්ල කොට මිදීම ලබා ගත්, අරමුණ සාක්ෂාත් කර ගත් යන අර්ථයෙන් කිරිකෑමුත්තා බවට පත්වෙයි. සියලු කෙළෙස් නසා උත්තරීතර වූ අරිහත්වයට පත්වෙයි.
- නලිඳු සැපත් -

No comments