ALYSIA MONTANO, USA (දරු ගැබත් දරාගෙන මීටර් 800 දිනලා


'' මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි "

ඇලිසීයා මොන්ටානෝ
ALYSIA MONTANO, USA

තුන් මසක දරැ ගැබක් දරාගෙන  එක්සත් ඡනපද මීටර් 800 කාන්තා ඔලිමිපික් සුදුසුකම සදහා තරග වැදුණු මෙි විශ්මිත ගැහැණිය සත්තකින්ම
නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි. ඇය එසේ තරග වැදුනේ එක්සත් ඡනපද මීටර් 800 ඡාතික ශූරතාවය සදහා  Hornet Stadium හිදී 2017 ඡුනි 22 දාය. මෙි ඇය දරැගැබැක් දරා තරග වැදුණු ප්‍රථම අවස්ථාව නොවීමද විශේෂත්වයකි.  2014 ඇය සිය මාස 06 ක් වන පළමු දරැවා කුසෙහි දරා‍ මීටර් 800 ඡාතික ශුරතාවය සදහා තරග වැදුනාය.
ඇමෙරිකා එක්සත් ඡනපදයේ මීටර් 800 කාන්තා ඡාතික ශුරතාවය ඇගේ නම ඉදිරියේ පස් වතාවක් සටහන් වී තිබිණ.ඒ වර්ෂ 2007 සිට 20015 තෙක්ය. ඡාත්‍යණ්තර රන් කුසලාන දෙකක් සහ රීදී කුසලාන ත්‍රිත්වයක් අතැති ඇය 2012 පැවති ඔලිමිපික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසවිවෙි ලෝකඩ පදක්කමටද හිමිකමි කියන්නීය. එය ඇයට ලැබුනේ එම තරගයේදී ප්‍රථම ස්ථානය සහ තෙවැනි ස්ථානය දිනාගත් රැසියානු ක්‍රීඩිකාවන් දෙපල තහනමි උත්තේඡක භාවිතාවෙන් ඔවුනගේ පදක්කමි අහිමිකිරීම හේතුවෙනි.
ඇය තරග වදින විට හැම විටම හිසේ මලක් පැළද සිටී. ඒ ඇයි කියා වාර්තාකරැවෙක් ඇසූ විට ඇලිසියා උත්තර දී තිබෙන්නේ මෙලෙසය.

'' ඒ මලෙන් මම සංකේතවත් කරන්නෙ ස්ත්‍රීත්වය. ඒ මල පැලදි කෙනා සකේතවත් කරන්නෙ ස්ත්‍රියට ඇති ශක්තිය. ඒ වගේම  අද මම ඒකෙන් නියෝඡනය කරනවා මුලු ලෝකයේම සමස්ත කාන්තාවන්, ලෝකය පුරා විසිරී ඉන්න කලු ගැහැණුන් හා සමස්ත ගර්භනී මාතාවන් සහ ඔවුනට ඇති ශක්තිය. මම හිතනවා ඒක මගේ වගකීමක් ''

 
 

තොරතුරු - ඉමල් උදයන්ග

No comments