WannaCry වයිරසය ගැන දැනුවත්ද?

ලෝකය පුරා රටවල් 75 ක් පුරා පැතිරී යන wannaCry නම්වූ මෙම වයිරසය ransomware වර්ගයට අයත් වුවකි.මෙය චීනය, රුසියාව, යුරෝපය,අමෙරිකාව වැනි රටවල් ඇතුලු තවත් රටවල් බොහෝ ගණනක් රෝහල්වල හා දුරකථන ආයතනවල තවත් අත්‍යාවශ්‍ය පරිගණක පද්ධතීන්
ගණනාවකට හානි පමුණුවා ඇත.පුද්ගල පරිගණකවලට වඩා සර්වර් පරිගණකවලට පමණක් හානි පමුණුවා ඇති මෙම සයිබර් ප්‍රහාරය එම පරිගණකවල ඇති සියලු දත්ත encrypt(ගුප්ත ඛේතනයකට) පත් කරනු ලබයි.එය නැවත යථාතත්වයට ( Decrypt බවට ) පත්කරගැනීම සඳහා අවශ්‍ය key එක ලබාගැනීමට ඔවුන් ඔබෙන් මුදල් ඉල්ලා සිටිති.

මෑතකදී වාර්තා වූ දරුණුතම සයිබර් ප්‍රහාරය වන මෙම ප්‍රහාරය මේ වන විට ලොව පුරා පරිගණක පද්ධතීන් අති විශාල ගණනාවක් විනාශ කොට ඇති අතර මෙය තවදුරටත් ලොව පුරා පැතිර යමින් පවතී.අප රට තුල තවමත් මෙම වයිරස් ආසාදිත පරිගණක වාර්තා නොවුනත් අන්තර්ජාලටය සම්බන්ධ සියලු පරිගණක පිළිබඳ අවධානයෙන් සිටින්න.


(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි)

No comments