හිතේ පෑරෙන තුවාලය දැන් වැඩිවෙලා ලඟදිම මැරේවී

හිතේ පෑරෙන තුවාලය දැන් වැඩිවෙලා ලගදිම මැරේවී
==============================
තනේ කිරි ටික ඔහේ ඉහිරී ගියා හැමදා           නොනගතේ
ඉනේ උකුලේ අරන් රන්දා යන්න සිතිවිලි             හාමතේ
දිනේ ඇවිදින් බාලගිරිටම සින්න වෙනවා          මයෙහිතේ
අනේ කවදා මගේ ලේ වල අයිති කරුවකු         එනුනැතේ

රටේ දොස්තර මහත්තයලා දහස් ගානක්               හදිවෙලා
වටේ පංසල් වලට හැමකල් කියූ සෙත්කවි           පේවෙලා
කටේ ගෑවේ නැතිය වැඩි සැර පැටිය නැතිවෙයි  ලෙඩවෙලා
හැටේ වයසත් ආව මේ මට දරුවො නැතිවලු         වඳවෙලා

හිතේ පෑරෙන තුවාලය දැන් වැඩිවෙලා ලගදිම       මැරේවී
මෙතේ බුදුනුත් දෙසාලූ බණ අසාගෙන හිත තුටු   කෙරේවී
අතේ සතයත් පිනට දී අද මුළු ගතම දනකට            ඇරේවී
පුතේ කියලා අඩගහන්නට එනබවේ දරුගැබ           පිරේවී

සෙල්ෆි කවියා (R.M.A.Priyadarshana)

No comments