රට බිරිය සිහිවී කියූ කුණු නොවූ කතාව
රට බිරිය සිහිවී කියූ, කුණු නොවූ කතාව
--------------------------
ලිවුම කුණු යට ඉන්නකොට මට
- මතක් වෙනවා අපේ මැණිකේ
ගවුම පොඩිදුව අද අදින්නට
- බලා වුන්නා නොවෙද හනිකේ
ටවුම රෙදිකඩ යකට කොටුවේ
- ණය වෙලා මගෙ පපුව මිරිකේ
පවුම රත්රං තියා උගහට
- ඒවි කියපං උඹේ තිලකේ...
ගමෙන් ටොපි කොල උනත් තොපි බොල
- ගෙනත් දැම්මා නේද අප්පේ
දුමෙන් වැසුණේ කොළඹ විතරයි
- උඹ ගියා බං අපියි තැප්පේ
ඇමෙන් නොව ඇල්මෙනුයි කවුරුත්
- අපිට මුලදී ගහපු කෙප්පේ
වමෙන් අහපන් දකුණු කණ හෙට
- කොලොන්නාවේ දුකම හැප්පේ...
හිතක් පපුවක් තිබුණු වුන් නම්
- ගෙදර කුණු ටික පිටට දුන්නෑ
බතක් කෑ වුන් කිසිම දවසක
- කා පතේ පහරලා යන්නෑ
පොතක් තරමට හිතක් තිබුනත්
- කිසිත් එකෙකුට දෙසක් දෙන්නෑ
ඇසක් තිබුණට අපිට විතරයි
- රටේ කාටත් කදුළු එන්නෑ...
සෙල්ෆි කවියා (Priyadarshana R.M.A.)
No comments