SARDINE RUN සාඩින් ප්‍රවාහය


එය අධිවෙිගී සාඩින් නම් සැමන් වර්ගයේ මත්ස්‍ය ප්‍රවාහයකි. එකා පසුපස එකා හඹා එන දශලක්ෂ ගණනින් එක විට හැරී යන නැවත නැවතත් හැරෙමින් කිසිවිටෙක පෙල විසුරැවා නොගෙන ඊ ගසක වේගයෙන් පිහිනන මහා පිහිනුම් සංදර්ශනයකි. වසරකට වරක් ඡුනි මාසයේ හා ඡුලි මාසයේ දකුනු
අප්‍රිකාවේ කේප් තුඩුව ගමනාන්තය කරගත් වන්දනාවකි. දකුනු අප්‍රිකාවේ අධිකම ශිතල මාස දෙක ඡුනි හා ඡුලීය. එම ශිත කාලගුනය කේප් තුඩුව වටා ඇති සාගරයටද එක සේ බලපායි.මුහුදු ඡිවි විදාඥයෝ කියන්නේ මේ විශේෂිත ශිත දියවැල හෝ ලවන ඡලය සොයා මහද්වීපය වටා සාගරයේ සැමන් මසුන් මෙහි පැමිනෙන බවය. වඩා විශේෂිත කරැන වන්නේ උන් හඹා එන දඩයක්කරැවන්ද දහස් ගණනින් වීමය. ඒ අතර තල්මසුන්. සුදු මෝරැන් හා ඩොල්පින් පමණක් නොව දස දහස් ගනනින් මහද්විපය පුරා පැතිරී සිටින විවිධ වර්ගවල මුහුදු ලිහිනින්ද ආක්‍රමණයට සහභාගී වෙති. සැමන් මත්සයන්ගේ මේ රංගනය මරණයේ මාවතේ සිදුකරනු ලබන්නකි. නමුදු ඔවුහු මේ මාස දෙක පුරාවට ඉන් පළා නොයමින් මරනය දැක දැක රග දක්වති. මේ සැමන් මත්ස්‍ය ප්‍රවාහය කේප් තුඩුවේ KWAZULO නතාල් වෙරළ තීරයට මනා ලෙස දර්ශනය වේ. ඒ මාස දෙක පුරාවට KWAZULA නතාල් වෙරළ තිරය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි.මෙවැනි විිවිධ ඡලඡ ඡීවි සංදර්ශනයක් නැරඹිය හැක්තේ දකුනු අප්‍රිකාවේ කේප් තුඩුවෙිදී පමණි.මේ සංචාරකයන් අතර කිමිදුම්කරැවෝද ඡායාරෑප ශිල්පීන්ද සාගර විද්‍යව හදාරන සිසුවෝද වෙති
----------------------------------------------------------------------------------
http://www2.padi.com/…/2015/02/25/south-africas-sardine-run/
----------------------------------------------------------------------------------

 (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)