මාරතු 08 - ජාත්‍යන්තර කාන්තා දිනය

මාරතු 08 - ජාත්‍යන්තර කාන්තා දිනය !!
ඇමරිකාවේ සමාජවාදී පක්ෂය මුල්වී ඇරඹූ මෙම කාන්තා දිනය මුල්වරට යෝජනා වූයේ රක්ෂා කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් "ලෝක වැඩ කරන කාන්තා දිනය" යනුවෙනි.එය මුල්වරට පැවැත්වූවේ 1909 පෙබරවාරි 28 වනදායි.තමන්ට නිසි
වේතනයක් හා නිසි වැඩකිරීමේ පැයගණනක් ලබාදෙන මෙන් ඉල්ලමින් 1908 වසරේ ලෝක ඇඳුම් මසන්නියන්ගේ සංගමය(1900 දී ඇරඹූ සංගමයකි) මගින් සිදුකල උද්ගෝෂණය
නිසා , එම ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙම සංකල්පය මූලිකව ආරම්භ විය.
1914 දී රුසියානු කාන්තාවන් විසින් මෙම දිනය පළමු වරට "මාර්තු 08 වනදා" සමරන ලදි(පින්තූරයේ දැක්වෙන්නේ 1914 දී සැමරු කාන්තා දිනය වෙනුවෙන් නිමැවූ පෝස්ටරයයි).වරින් වර අයිතිවාසිකම් හා දිනාගැනීම් පිළිඹදව සැමරූ මෙම කාන්තා දිනය 1975 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කරන ලදි.එදා සිට මේ වන තෙක් එම දිනය ලෝක කාන්තාව වෙනුවෙන් වෙන් කොට ඇති අතර සෑම වසරක විවිධ තේමාවන් ඔස්සේ සමරනු ලබයි, 2017 මෙවර තේමාව වන්නේ "වෙනස් වන ලෝකයේ වැඩ කරන කාන්තාව" යන්නයි.
තම ගරුත්වය රැකගනිමින් නිවැරදි මාවතේ ඉදිරියට යා යුතු කාන්තාව අදවන විට තමාගේම වරදින් නොගැලපෙන බොහෝ දේ කරමින් කාන්තාවක වශයෙන් කල යුතු දෑ අමතක කොට දමා ඇති බව එක්සත් ජාතින්ගේ කාන්තාවන් පිළිබඳ අධ්‍යක්ෂිකා Phumzile Mlambo මහත්මිය මෙවර කාන්තා දිනය වෙනුවෙන් පවසා සිටිනවා

 (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)