අවුරෝරා AURORA යනු කුමක්ද ?


බොහෝවිට අවුරෝරා යන වචනයෙන් අපේ මතකයට නැගෙන්නේ 1917 දී සාර්ගේ ශිත මාළිගයට පහරදීමට සංඥාව දුන් රැසියානු යුධ නැවයි. නමුත් අවුරෝරා යනු පෘතුවියේ ධ්‍රැව ප්‍රදේශවල සිදුවන මනස්කාන්ත ස්වාභාවික සංසිද්ධියකි. සූර්යාගේ සිට පොළවට පැමිනෙන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන අංශු
වායුගෝලයේ ඇති නයිට්‍රඡන් සහ ඔක්සිඡන් වායුව සමග ගැටීමේදී මෙය විවධ වර්ණයන්ගෙන් යුතු ආලෝකයක් ලෙස දර්ශනය වේ. එය සෑම තැනකම දර්ශනය වන්නේ නැත. අධික චුම්බක ⁣ක්ෂේත්‍රයක් ඇති ධ්‍රව ප්‍ර⁣දේශවලදී මේ අංශුන් වේගයෙන් තමා දෙසට ඇදගනු ලබයි. එබැවින් ධ්‍රැවාසන්න රටවලදී මෙම මනස්කාන්ත දසුන දැකගත හැකිවේ. ඒවා නයිට්‍රඡන් වායුව සමග ගැටීමේදී දම් පැහැයට හා රෝස පැහැයටත් හයිඩ්‍රඡන් වායුව සමග ගැටීමේදී කොල පැහැයෙනුත් දර්ශනය වේ.

 (මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)