කියවා ගතහොත් දිවිගමන පහසුය… (G E N D E R R E AD I N G )


මට නම් මේ පින්තූරය කියවන කොට දැනුනෙ මේ ආකාරයට  :

        පවුල් කුටුම්භයකට ඒකරාශි වූවාට පසු ගැහැණියකට හා පිරිමියෙකුට එක්ව ගමනක් යාමට සිදුවෙනවා.


     එතැනදි එකිනෙකා ඔවුනොවුන්ගේ ස්වාධීනත්වයට හා අනන්‍යතාවයට ගරු කර ගතයුතුයි. ඒ වගේම ගැඹුරු ආත්මීය තේරුම් ගැනීමක් හා බැඳීමක් ද ඇතිකර ගතයුතුයි.


      එහෙම වුනොත් තමයි දිවිගමනෙ ගැටුම් අවමව එකට ගමනක් යන්න පහසු වෙන්නේ.

         මේ පින්තූරය තුළ මට අනුව, ගමන් මළු හා ඇඳුම් වලින් සංකේතවත් වනනේ, ඒ එකිනෙකාගෙ අනන්‍යතාවය හා ස්වාධීනත්වය....

    කකුල් පටලවගෙන ඉඳීම තුළින් හා එක්ව පුවත්පත අල්ලාගෙන ඉඳීම තුළින් ගම්‍ය වෙන්නෙ, ශාරීරික (ලිංගික) හා ආත්මීය බැඳීම...


          පුවත්පත එකට එක්ව කියවීම තුළින් පිලිබිඹු වෙන්නෙ, ජීවිතය හා තමුන්ව කියවාගැනීම.....

       ඒකයි මම මේකට gender reading යන යෙදුම දැම්මෙත්.

තව කියවන්න }https://www.facebook.com/everest.arachchige

No comments