එපා වෙන්නැති සෙනෙහසක්

උපන් නැකතට කලින් ඉදලා 
හොදින් දෙන්නා හැදින වුන්නා
කපන් බඩ වැල පෙකණියේ හිල 
      තාම  ඒකට  හේතු  දුන්නා
නුපන් අකුසල් නිසා සසරේ 
    අදත්  මා  ලග  නුඹම  ඉන්නා
හපන් කමකට නොවේ අම්මේ 
     මතක්වෙනකොට කවි උපන්නා

අපා දහදුක් වින්දා මතකයි 
     මෙදා වෙනකන් පුතු ව හින්දා
දෙපා නමදින මොහොතකත් බුදු 
     හිමි ලගදි පිං නුඹ ට බැන්දා
කපා පලුවක් හදවතේ මතු 
     දිනක දෙන්නම් අතක රන්දා
එපා වෙන්නැති සෙනෙහසක තනි 
     උරුම කරුවා ඇය ද මන්දා

5 comments:

  1. දුකක කඳුලක වේදනාවම සිනහවකින් නිති ගුලි කරං
    හිතක උතුරණ සෙනෙහෙ නොඅඩුව හැම හිතක් වෙනුවෙන් බෙදං
    කවක මේ ලෙස මවක සෙනෙහේ නාමයට පදවැල් ලියං
    මවක සෙනෙහස මැනිය නොහැකිය සුභ පතමි මම තුති බෙදන්....

    මල්ලී... මේ අපූරු කවියට ස්තූතියි. හඳුනගන්න ලැබීම සතුටක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ.අපි කාගෙත් අම්මාවරුන් වෙනුවෙන්...
      මටත් ඔබව හදුනගන්න ලැබීම ලොකු සතුටක්.

      ජය!

      Delete
    2. ඔන්න දුමියෝ උඹටම හරියන බඩ්ඩක්

      Delete
    3. ඒයි සෙල්පි කවියා ...ඔය ගුගල් රෙද්දෙං බැහැලා බ්ලොගර් ෆෝපයිල් එකට නැගපං

      Delete
  2. ඔන්න හැදුවා ලොක්අයියේ... දැන් සරි.

    ReplyDelete