ඩැෆ්නි අල්මසාන් ගිගිල්ස් Dafni Al Mazan Giggles

ගැහැණියක් යම් රටක බලවත් කාන්තාවක් නම් එය විශේෂය. එකී ගැහැණිය තවමත් ශිෂ්‍යාවක් නම් එය සුවිශේෂය. ඇයට තවමත් වයස 13 ක් හා වෛද්යවරියක නම් ?
ඇයට තවම වයස 13 කි. ලොව පළමු ලාබාලම උපාධිධාරී මනෝ වෛද්යවරිය ඇයයි. ඒ මෙක්සිකෝවේය.ලෝකයේ ඔීනැම රටක
මේ වයස වෙද්දී එක්කෝ 7 වැනි ශ්‍රෙණියේය. නැතිනම් 8 වැනි ශ්‍රෙණියේය. නමුත් ඇය නිහතමානීව ප්‍රකාශ කරන්නේ වෛද්යවරියක් වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්
සපුරා තිබුනද ඊට අවශ්‍යය අත්දැකීම් නොමැති නොමේරැ ලාබාල කෙල්ලක් නිසා මම දෙවැනි උපාධියට සුදානම් වෙනවා යනුවෙනි.
ඇය දැන් මෙක්සිකෝවේ තාරාකාවකි. ඒ තාරාකව පිලිබදවත් ඇගේ තරාකා වලින් සමන්විත පවුල පිළිබදවත් මෙක්සිකෝ ඡනතාව සිටින්නේ ආඩම්බරයෙනි .
ඩැෆ්නි පවුල අති සුවිශේෂි බුද්ධි ප්‍රභාවයකින් සමන්විත පවුලකි. ඩැෆ්නිගේ අයියා මෙක්සිකෝ අධ්‍යාපන ඉතිහාසය තුල මෙක්සිකෝ විශ්ව විද්‍යාලයකට තේරැණු පළමු ලාබාලතම ශිෂ්‍යයා විය. එවිට ඔහුගේ වයස 12 කි. දැන් ඔහුගේ වයස 20 ක් වන අතර ඔහුද මනෝ වෛද්‍යවරයෙකි. ඩැෆින්ගේ අක්කාද වෙද්‍යවරයකි. මේ සියල්ලටම මග පෙන්වූ ඇගේ පියා මෙක්සිකෝ ඡනතාව ගෞරවයෙන් සලකන මනෝ වෛද්‍යවරයෙකි. ඔහු සිය නිවෙසම සෞඛ්‍ය සායනයකට යොදාගනිමින් රටේ විශේෂ අවශ්‍යතා ඇති දරැවන් තෝරාගෙන නොමිලේම ප්‍රතිකාර ලබාදෙයි. දොස්තර කෙනෙක් වූ පලියෙන්ම මුදල්ම සොයා දිවයන බොහෝ දොස්තරවරැන්ට වඩා ඔවුහු වෙනස්ය. ඔවුන් හතර දෙනාම එකතුව මේ ලෝකයේ සැබෑ අසිරිය විදින්නට මේ දරැවන්ට සිය ඡිවිත කැප කරයි. එය මොනතරම් අනගි මෙහෙයක්ද...

No comments