දරට ගන්නා(තුරු)


අරටුවට වේලුනු
කඳ කැහැටු වෘක්ෂයක්
තාම වැට මායිමේ
නොසෙල්ලී ඉමරකී...

අතු සිඳින දා වැටුණු
කඳුළු මැලියම් බිංදු
ගහමුලම ගල්ගැසී
ඒ ගහට තනිරකී...

මුල් පුරා ඉහිරුණු
ලාපැහැති අංකුරත්
පෙරවදන කියවමින්
උගේ මුනිවතරකී...


No comments