ලගතියනවා වද දෙන හිත මළගමට

අහසට    පොලවටත් වැඩියෙන්           ආදරය
පහසට    නොවේමද  ඒ  හැටි              කෑදරය
රහසට     කලත් ලෝකෙට සඟවා          තිරය
දහසට     එකක් කල කම් ඵල දේ          නිරය


හදවත      නැතේ ආදරයෙන්                පිරිච්චී
නිරුවත     දැකීමෙන් පසු හිත               ඉරිච්චී
මුනිවත     රකීන පෙම ගැලවිය             මුරිච්චී
පිලවත     නොවේ බොරුවෙන් කල      වරිච්චී


අගතිය     වුනේ කවදත් මිනිසත්             කමට
සුගතිය    සොයාන නීතිය තිවුනත්          නමට
ප්‍රගතිය    ලබයි විත්තිය දවසක                එමට
ලගතිය    නවා වද දෙන හිත මළ             ගමට


#සෙල්ෆි කවියා (Priyadarshana R.M.A)

No comments