මාපිය මතකාවර්ජනය (කවි බණ) අද කියවන්න, ලගදිම අහන්න...

මෝදු මෝදු සඳ අමාවකට එන
           -දවසට කවුරුත් නොකර කමා
සෑදු සෑදු කවි බණ පද රසකර
            -ගයනෙමි ඇසුමට ඔබට තමා
පෑදු පෑදු නුවණැස අප දිවිතෙර
            -සිහිකර  ගමු  මව්  පියද  අමා
සාදු සාදු බුදු හිමි වැද පලමුව
             -අවසර ගමි මම සිරස නමා


ලෝක නාත දෙවි වරු වැඩ ඉන්නේ
                     -දෑස්    ඉදිරිපිට    උපන්    දිනේ
නේක මිනිස් ගති පාන දනන්නේ
                     -දාස් ගණන් ඇයි මෙහෙම වුනේ
ශෝක ඇසින් කදුලැලි බේරෙන්නේ


                     -කාත් කවුරුවත් නොමැති දිනේ
මේක තමා අද ලෝක නසන්නේ
                     -ලේත්   එකම   දූ  පුතු   වරුනේ


මතකද නුඹට එල්ලී ඇගෙ තන     පුඩුවේ
හිතකද තිබුණු රස තව ඉල්ලා      ඇඩුවේ
කොතකද ඉරුව මුත් පපුවට කිරි  වැඩුවේ
නෙතකද කදුළු පිසපන් අද පව්      අඩුවේ


පෙන්නා නොපෙන්නා ගානට       ආදරය
දුන්නා නොවෙද සැප සම්පත්       සාගරය
මැන්නා නොවෙද නුඹ පසු පස    පියවරය
ඉන්නා කලට පිය සෙනෙහස        දෑවරය


මේ හැම කීම ට මදිය     වෙලාව
දවසක සිහිවෙන විටදි      මුලාව
නොවනු නිසැක අද සිහියට  දාව
උපදවන්න මව් පියට         දයාව


කාට වුනත් නියතයි මේ      දහම
මවට පියාටද සිල් පද          පහම
උදේ සවස කියවන්නට         දීම
ගත්තම නරකද අටසිල්    එහෙම


වාද නොකර තම සිතින්   අහන්න
මාද දිනක මව් පියෙකි     සිතන්න
පාද නමා මව්පියො        නමදින්න
නාද නගා සැම සාදු          කියන්න ///


සෙල්ෆි කවියා (Priyadarshana R.M.A.)

No comments