මනාළී...

 

දීන කීපයකට ඉහතදී නිවසක් වෙත යාමට යෝජනාකරගත් පරදී, මාගේ හොදම මිත්‍රයා වූ ජීවක සමග ඔහුගේම මෝටර්සයිකලයේ නැගී අදාල නිවසට ලගාවුනි.

ගෙමිදුල ඉතා විශාල වූත්, අලංකාර මල් පාත්ති වලින් හැඩවු වටපිටාව තරමක් මාගේ හිත සැහැල්ලු කරන අතරතුරම නිවස අභ්‍යන්තරයෙන් "අන්න එයාල ආවා.. අන්න එයාල අාවා..." යන හඬ ඇසෙන්නට වුනි.

මිත්‍රයාත් මමත් ගේ දොරකඩට ඇදෙත්ම තරමක් වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙක්, "එන්න පුතාලා ඇතුලට" යනුවෙන් සුහද ආමන්ත්‍රණයක යෙදුනි..

මඳ සිනහක් ඔහු වෙත තිළිණකරමින් අප දෙදෙනාද නිවසට පිවිසී, සෝපාව මත අසුන්ගන්නා අතරම, මා අත තිබූ අයිසින් කේක් සමග වූ කෙසෙල් පාර්සලය ටීපෝව මත තැබීය.

මිනිත්තු දහයක, පහලවක සුහද සන්වාදය අතර තුර "මේ පුතාලට වතුර අල්ලන්න දූලගෙ අම්මෙ" යැයි ඔහු කීය.

මිනිත්තුවක් ගතවීම පෙරාතුව වතුර පිරවු උස වීදුරු දෙකක් සහිත ට්‍ර්‍ෙ එකක් රැගෙන මවක් පැමිණ අප වෙත එය යොමු කලේය.

- පුතාලා... තේ ටිකක් බීල ඉමු.ඇවිත් මහන්සිත් ඇතිනෙ..

+ නෑ අම්මෙ.අපි මඟ ටිකක් නැවතිල ඉදලයි අවේ..

- එන්න පුතේ මේසෙට..

+ හොදයි.යමු..

සුළු වෙලාවක් තුලදී තේ සංග්‍රහය බුක්තිවිද නැවත අපි ආලින්දයට පැමිණියෙමු.ඒත් සමගම පියා "දූලගෙ අම්මෙ.අපේ මනමාලිට එන්න කියමුද බලන්න මෙහෙට" යැයි කියමින් අප ඉදිරිපිට පුටුව මත වාඩිවුනි.

මා මීට පෙර කිසිම දිනක මෙවැනි ගමනක් නොගිය නිසාදෝ තරමක තිගැස්මක ආරමිභයක් ඔහුගේ වචන වල කෙලවරින් ආරමිභවන්නට වුණි.හැකි තරම් හිත දැඩිකරගත් මම මිත්‍රයා දෙස බැලීය.ඔහු සමච්චලයට මෙන් මා දෙස හොරෙන් ඉගි බිගි කරයි.මම මදකට බිම බලාගතිමි.

එකෙනෙහිම සාලයේ දොර රෙද්ද ඉදිරියට පැමිණි මව විසින් එය විවර කලේ කරඬුවක් වැඩමවීම මඟ පාදන්නාසේය.

පියා කී මනාලිය අප ඉදිරියට ඇදෙන්නට වින.මින් පෙර දිනක රුවක් පිලිබද නොසිතූ නමුත් දැන් දැන්ම මා මැය පිලිබද සිතන්නට වුණි.ඇය ඉතා හුරුබුහුටි යැයි කියන්නට මා කැමැත්තෙමි.එමෙන්ම චාම් සරල පෙනුමින් යුතුවු ඇය ඔසරියකින් සැරසී බුලත් හෙප්පුවක් මා වෙත දිගුකරන්නට වුනි.

මට සිහිනයකින් අවදි උවාක් මෙන් ක්ෂණයෙන් අසුනින් නැකුටිනි.අැයගේ බැල්ම එතරම්ම කෝලකමක් නොතිබුනද දෑස් බිමට හරවා තිබූ නිසාවටම මා ඈ දෙස හොදින් කීපවරක්ම බලා හෙප්පුව මත අත තබා වාඩි උනි.

ඇය මා ඉදිරියේ ඇති අසුනින් වාඩිවුයේ එය මෙවැනි අවස්ථාවක් සදහා පෙරදාක ඇති හුරුපුරුදු ලීලාවකිනි.මාගේ හිත මාගෙන්ම ප්‍රශ්න අසන්නට සැරසෙත්ම ඇගේ පියා තරමක් උස් හඩින් සහ මද සිනහවක් සමග "අපි පොඩ්ඩක් මෙයාලට කතාකරන්න ඉඩදීලා එහාට වෙමුකො බලන්න" කියමින් සියලු දෙනා සාලයෙන් විසි උනි.

මා තරමක් තැති ගෙනදෝ මටම සැකය.ඇය බිම බලා නිහඩව යමක් සදහා සූදානම් බවක් අඟවමින් සිටී.මා කීපවරක්ම ඈ දෙස වරින් වර ඔනාකමින් බලන්නට වුණි.මා මෙයට ආදුනිකයකු බව ඇයට වැටහෙන්නද ඇත.මට ඇත්තේ දැන් ඇය හා කතා කිරිමට බව මා හොදින් දනිමි.

නමුත් හිත මා සමග මුමුණන්නට විය.පෙර නොදැක පැමිණි මුත් රුව ඇස ගැටුණු මොහොතින් හිත බැදගත් මම ඈ සමග කතා කල යුතුවම ඇත.මම තවත් සිතන්නට විය.ඇය මගේ මානාලිය වනුම ඇත.ඇයට මා කැමතිය.ඇගේ පියාගේද කතා බහ තුල කිසිම වෙනසක් නොතිබුණි.පෙනුමින් ඇය ගුණයහපත් බව නොඅනුමානය.මා තවම සිතමින් කල්මරණු මටම විඩාවක් වන්නට මත්තෙන්, ඇය විනාඩි පහ-හයක තිබූ නිහඩියාව බිදින්නට විය..

- අයියෙ.. මට දෙයක් කියන්න තියනවා

+ කියන්න නංගි..

- ඒත් ඔයා පොරොන්දුවක වෙන්න ඔනි..

+ ඒ මොකද නංගි? (මා සත්තකින්ම තරමක් පුදුමව ගල් ගැසුනි)

- තාත්තලට කියන්න එපා.මට උදව්වක් කරන්න අයියෙ..

+ හරි මම උදව් කරන්නම්.ඉතින් කියන්න.මොකද්ද කාරණය..

මාගේ හිත කෙමින් මැලවෙන්නට ගත් බව මට තේරුම් ගියේය.ඇය කීමට සැරසෙනුයේ කුමක් නමුත් එය මට එතරම් සුබවාදී බවක් නොමැති බව ඇගේ මුහුණ පුරාවට ඒ මොහොතේ ලියැවී තිබුණි.කෙටි නිහැඬියාවකින් පසු ඇ තවත් කතාව ඉදිරියට ගෙන යන්නට වුනි.

- මට එක්කනෙක් ඉන්නව අයියෙ.

+ මට තේරුනේ නෑ..

- මට ආදරය කරන්න කෙනෙක් ඉන්නව අයියෙ..

+ ඉතින්...

- ඒත් මට ගෙදරට කියන්න බයයි, මට තව ටිකක් කල් ඔනි ඒකට

+ දැන් මොකද මගෙන් කෙරෙන්න උවමනා?

- අයියා මට කැමති උනොත් තාත්තල මාව ඔයාට හදිසියේ බන්දන්න හදනවා අයියෙ..

+ ඉතින්..

- අයියට පුළුවන්ද මට අකමැති බව ගෙදරට කියන්න..

+ මට කියන්න පුළුවන්.මට යමක් දැනගන්න තියනව

- ඒ මොකද්ද අයියෙ.. මේ මගෙන් ද?...

+ ඔව්.. මට කියන්න පුළුවන්ද මේ විදියට, මම වගේ නංගිට පොරොන්දු දීල තව කී දෙනෙක් මෙහි ඇවිත් ගියාද කියලා...

මා ඇගෙන් එය අැසීමත් සමගම ඇය අසුනින් නැගිට වහා ගේ තුලට ගියේ හීයක වේගයෙනි.ඒ ඇයටම එ් සදහා පිලිතුරු දීගනිමින් විය හැක.ඒත් සමගම ඇයගේ මවත් පියාත් දෙදෙනාම සාලයට වහා පැමිණියේ දැඩි සතුටක් මුව දරාගනිමින්ය.මා හකුලාගත් මුහුණ නැවත පෙර තත්ත්වයට ව්‍යාජත්වයෙන් පෙරලාගත්තේ උවමනාවෙමිනි.ඒ ඔවුන්ගේ හිතට කුකුසක් ඒම වලක්වාලනු පිණිසමය.

මිත්‍රයාද මිදුල දෙසින් ආලින්දයට පැමිණ, අපි යමුදැයි මගෙන් අසන ලද්දේ දෙමාපියන්ගෙන් යාමට අවසර ඉල්ලන්නාක් මෙනි

"පුතාල යන්නද ලැස්තිය".එම මවගේ ප්‍රශ්නත් සමගම අප අසුනින් නැගිට දෙදෙනාටම වැද ආපසු පිටත් උනි...

එදායින් පසු මා තවම මනාලියන් බෑලිමට නොගියද, ඇය හිත පුරා මනමාලකම් කරන්නීය.නමුත් තවම මට ඈ නැවත මුණගැසී නැති බවද මාගේ හිතට එක්තරා සතුටකි...

___________________________________________________________

සෙල්ෆි කවියා (Priyadarshana R.M.A.)