අහන් ඉදින් මස්සිනේ



පල්ල ඉරුණු අඹුඩ රෙද්ද පිරිමහගෙන       ඇඳ
තල්ල ගෙවෙන තුරු පුම්බා හාල් නැතිව    කැඳ
වැල්ල  බලා  හැමදාමත්  හිතේ  බුදුන්        වැඳ
මිල්ල අහුරු දෙක තුනකට දියඹට         යනවද

හීන්  මස්සිනා  හැමදා  මගේ  හිතේ          අස්සේ
වාන් දමන සෙනෙහස හදවත පතුලට     බැස්සේ
තෝන් ලණුව දාගන්නට එනකොට උඹ   පස්සේ
පාන්  දරම  මඟහැරියම  මගෙ  හදවත    ගැස්සේ

රග පාමින් මායම් හැට දාන්න මං          දස්සිනේ
අඟ නැතිවට උඔට නහින මම නාඹර   වැස්සිනේ 
ලග පාතක ඇත්නම් හෙම අහන් ඉදින් මස්සිනේ
දඟ නෑ මං නුඹේ ලගට එන්න හදන      පිස්සිනේ

No comments