Magnus Mills ලෝක ප්‍රකට ගත් කතුවරයෙක්


අපි අද කියන්නේ ලෝක ප්‍රකට ගත් කතුවරයෙක්වූ මැග්නස් මිල්ස් Magnus Millsගැනය.එසේත් නැත්නම් ආර්ථික විද්‍යා උපාධියක් අතේ තියාගෙන ලන්ඩන් නුවර ඩබල් ඩෙකර් බස් එකක් එලවූ මැග්නස් මිල්ස් නැමැති සුවිශේෂි මනුස්සයා පිළිබදවය.

ලංකාව වගේම නොවුනත් මහා බ්‍රිතාන්‍යයද සුදුස්සාට
සුදුසු තැන නොලැබෙන රාඡ්‍යයකි. බ්‍රිතානයයේ බර්මින්හැම්වල ඉපදුන මිල්ස් වැඩිදුර අධ්‍යාපනය සදහා Wolverhampton Polytechnic ආයතනයට ඇතුලුව ආර්ථික විද්‍යාව සදහා උපාධිය ලබා ගනී.අනතුරැව
University of Warwick වලට ඇතුලුවී සාහිත්‍ය පිළබද විශේෂ උපාධිය සදහා පෙනී සිටියද ආර්ථික දුෂ්කරතා නිසා එය අතරමග නවතා දමා 1986 දී ලන්ඩන් නුවර බස් සමාගමක බස් රියදුරෙකු සේ රැකියාව අාරම්භ කරයි.ඔහු හැමවිටම සිය බස් සේවය අතරතුර විවේක කාලයේදී මොනවා හෝ කියවයි. ලියයි . පසුව එය තීරැ ලිපි සේ සකස් කොට අවිනිශ්චිත බලාපොරොත්තු සහිතව The Independent නම් වූ පුවත්පතේ පලකිරීම සදහා යවයි.ඔහුගේ විශිෂ්ඨ රචනා ශෛලිය නිසා ඒවා නොකඩවා පුවත්පතේ පලකරන අතර මින් ඉමහත් ප්‍රීතියක් හා විශ්වාසයක් ඇති කරගත් මැග්නස් බසයට වී සිය පළමු නවතතාව ලිවීමට පටන් ගනී.ඔහු එයට Restraint of Beasts යන නම යොදා ප්‍රකාශනයට පත් කරයි.පසුව එය සාහිත්‍ය ලෝකයේ ඉහළතම ත්‍යාගය හා සම්මානය ලෙස සලකන බූකර් Booker Prize සම්මාන උළෙලට තෝරාගනු ලදුව කීර්තිමත් නිර්මාණකරැවන් පරයමින් 1998 දී බුකර් සම්මානය දිනාගනී. මේ විශිෂ්ට මිනිසා පසුව පුවත්පත් වාර්තාකරැවන්ට සම්මුඛ සාකච්ඡා පවා දුන්නේ තම බස්රිය තුල විවේක කාලයේදිය.පසුව ඔහු 2005 දී Explorers of the New Century පලකල අතර 2015 දී The Field of the Cloth of Gold පල කලේය.එයට Goldsmiths Prize නම් වූ ත්‍යාගය හිමිවිය.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි)