අග්නි 5..

ලෝක බලවතුන් තම බලකාමය පෙන්වීමට භාවිතා කරන එක තුරුම්පුවක් ලෙස පරමාණුක අවි නිපදවීම දක්වන්න පුලුවන්.අයින්ස්ටයින් විසින් සොයාගත් මේ පරමාණු විභේදනය සහිත දරුණු බෝම්බ ලෝකයේ බලවත් යැයි පවසන සෑම රටකම නිෂ්පාදනය වී තිබෙනවා.
අමෙරිකාව,රුසියාව,චීනය වගේ
බලවතුන් සමග ඉන්දියාවත් එකතුවී සිටිනවා,අග්නි i, ii, iii, iv ට පසුව දැන් අග්නි v.මෙම බැලස්ටික් මිලයිලය අද(26) ඔවුන් ඉන්දියාවේ ඔඩිශා ප්‍රාන්තයෙන් ගුවන් ගතකොට පරීක්ෂණ පිපුරුමක් කිරීමට නියමිතයි.
මෙම මිසයිලය මීටර් 17ක් උද වන අතර විශ්කම්භය මීටර් දෙකක් පමණ වේ.තවද මෙහි ටොන් 2 ට අාසන්න න්‍යෂ්ටික පිපුරුම් ද්‍රව්‍ය අඩංගු කොට තිබෙනවා.මෙහි ආවරණ කලාපය ලෙස 5000-5500km(ගුවන් ගත කරන ස්ථානයේ සිට එම දුර දක්වාවූ ඕනෑම තැනකට විදින්නට හැක) දක්වා තිබෙනවා.ඉන්දියාව නිපදවූ අග්නි iv දක්වා වූ මිසයිල 4 එතරම් බලවත් නැත.මෙම බැලස්ටික් මිසයිලය නවතම Ring Laser Gyro based Inertial Navigation System (RINS) සහ නවීන Micro Navigation System (MINS) තාක්ෂණයෙන්ද බලගන්වා තිබෙනවා,
පරීක්ෂණ පිපුරුම් කිහිපයකින් පසුව මෙම මිසයිලය සේවයට එක් කිරීමට නියමිතයි.කෙසේ වෙතත් අද දින(26) ඔඩිෂා ප්‍රාන්ත අහසේ පරීක්ෂණ පිපුරුම සිදුකරන බැවින් ඉන්දියානු ගුවන් සීමාවද තාවකාලිකව වසා දමා තිබෙනවා.
මිනිසා , මිනිසාටම එරෙහි වන්නට අවි අමෝරන අපූරුව !!

No comments