ඡෙනරල් ෆැන්සිස්කෝ ෆැන්කෝ General Francisco Franco

එ්කාධිපතියෝ හැමවිටම බලයෙන් පහකල නොහැකිය.අපි වැඩිපුරම කතා කරන්නේ බලයෙන් පහකල ඒකාධිපතියන් ගැනය.නැත්නම් බලය අහිමිව මරා දැමූ ඒකාධිපතියන් ගැනය.මේ කෙටි සටහන යහතින් මියෙනතුරා බලයේ සිටි අපි වැඩිපුර කතා නොකර මග අරින එවන් වූ මිනිසෙක් ගැනය.
-------------------------------------------------------------
ඡෙනරල් ෆැන්සිස්කෝ ෆැන්කෝ 

General Francisco Franco
-------------------------------------------------------------
ලෝකයේ කෝප්‍රල් තනතුරේ සිට ඡෙනරාල් තනතුර දක්වා ඉහළ නැග සිය රට පාලනය කල මිනිසුන්

දෙදෙනෙකි.එක් අයෙක් නැපෝලියන් බොනපාට්ය.අනිත් තැනැත්තා ඡෙනරාල් ෆැන්කෝය.1931 පැවති රාඡ්‍ය විරෝධී කැරැල්ලකින් පසු ස්පාඤඥයේ අල්පොන්සෝ රඡු සිහසුන හැරපියා රටින් පලා ගියේය.කැරල්ල ඇතිකලේ වාමාංශික ව්‍යාපාර වුවත් ඔවුහු ස්පාඤ්ඥය ඡනරඡයක් බවට පත් කලත් සිවිල් යුද්ධය අවසන් නොවීය.මේ අවස්ථාවෙන් ප්‍රයෝඡනය ගත්තේ ෆැන්කෝය.ඔහු ඉතාලියේ බෙනිටෝ මුසලෝනිගේත් ඡර්මනියේ හිට්ලර්ගෙත් සහාය ඇතිව ස්පාඤ්ඥය තුල 1936 දී සිය බලය ලබා ගත්තේය.බලය තහවුරැ කලේය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව හෝ ඔහුගේ බලය පෙරලා දැමීමට ස්පාඤ්ඤයේ වාමාංශික සමුහාණ්ඩුවාදීන්ට උදව්කල ස්ටාලින් පවා සමත් නොවීය.එවිට ඔහුගේ පසුපස සිටියේ එක්සත් ඡනපදය හා මහා බ්‍රිතාන්‍යයයි.එබැවින් ඔහුගේ රාඡ්‍ය කාලය වසර 35 ක් විය.බලය ලබාගත් පසු ඔහු වෙනත් සංවිධානවලට දේශපාලනය කිරීමට ඇති අයිතිය ඉවත දැමීය.දේශපාලනය කල හැකි එකම පක්ෂය ඔහුගේ එල් කවුඩිල්ලෝ නැමැති පැසිස්ට් ව්‍යාපාරයට පමණක් බව ප්‍රකාශ කලේය. වෘත්තීය සමිති තිබුනේ එකක් පමණි.එය පාලක පක්ෂයේ වෘත්තීය සමිතියකි.විවේචනවලට ඉඩ තිබිනි.විවේචනයෙන් පසුව පුවත්පත් ආයතනය වසා දැමීය.රාඡ්‍යය විවේචනය කිරීමේ වරදට අති දැවැන්ත දඩ මුදලකට යටත් කරනු ලැබීය. සංවිධානමය වශයෙන් මහඡනයාට එකතුවීම හේ තහනම් කලේය.ෆැන්කෝ රාඡ්‍ය විප්ලව 26 කට මුහුණ දී තිබිණි.මේ මිනිසා ඒවා සිය ඡයග්‍රහණයෙන් කෙළවර කරගත්තේය.ඔහු 1958 දී ඇතිවු මහඡන කැරැල්ල මැඩ පැවත්වූයේ හරි අපුරැ ආකාරයටය.කැරල්ලට නායකත්වය දුන්නේ එරට වාමාංශික ව්‍යාපාරවල එකතුවකිනි.ඔහු හමුදා බලය යොදා කැරල්ල මැඩ පවත්වන අතරතුරම රටේ ප්‍රඡාත්‍රාන්තික ඉල්ලීම් කිහිපයක් සපුරාලමින් කැරල්ල මෙහයවු වාමාංශික නායකයන්ට රඡයේ අැමැතිධුර පිරිනැමීය.ඒ තුලින් ඔහු ස්පාඤ්ඥයේ මහා ප්‍රඡාතන්ත්‍රවාදියා විය.කැරැල්ල නිමාවිය.අනතුරැව ඔහු ඇමතිධුර පිරිනැමු නායකයන්ගේ ඇමතිකම් නැවත උදුරා ගත්තේය.ස්පාඤ්ඥයේ ඡාතික ආදායමට වැඩිම පංගුව එකතුකරේ වෙනම ඡන කණ්ඩායමක් වන බැස්කිවරැය.ඒ වනවිට ඔවුන්ගේ එකතුව ලක්ෂ 20 කි.ඔවුහු ෆැන්කෝ රඡයට විරැද්ධව දිගින් දිගටම ගරිල්ලා සටන් මෙහයවීය.එහි ප්‍රතිපලයක් ලෙස ෆැන්කෝගේ අවසන් වසරවල ඔහු පත්කල ඡනාධිපති කැරීරෝ බැලන්කෝ ඔවුන් විසින් ඝාතනය කලෝය.කෙසේ හෝ සිය බලය රැකගනිමින් 1972 දී තම 83 වැනි උපන් දිනය සැමරෑ ඡෙනරාල් වරයා 1975 දී දොන් ඡුවාන් කාලෝස්ට සිය මරණයෙන් පසු බලය හිමිවන ලෙස ලියා තබා 1975 නොවැම්බරයේ සාමකාමී ලෙස මිය ගියේය.

No comments