ඉල් සුබ නැකත


නෙරියෙන් බුරිය වහගෙන යනකොට    එතනා
කොරියෙන් ගෙනා ගල් වංගෙඩියක්      හිතුනා
ලොරියෙන් බාපු වට්ටක්කත් දෙවෙනි       උනා
කරියෙන් උනත් මං කෑවේ හොදිය          අනා

මල් මල් චීත්තය තුත්තිරි           ගල්වන්න
වල් පැළ තියේනම් මට හැකි       උදුරන්න
කල් යල් බලා බිම් හේනක්          වපුරන්න
ඉල් සුබ නැකත නඟුලෙන් වැඩ   කරවන්න

නින්දක් නැතිව සිහිනයකුත්        පෙන්නාලා
හැන්දක් ඇතිව කිරි කෑවම පැණි           දාලා
කෙන්දක් ඇබින්දක් නොව සෙනෙහස   දීලා
ලන්දක් කපා එළිකෙරුවෙම්           රඟපාලා

7 comments:

  1. //වල් පැළ තියේනම් මට හැකි උදුරන්න
    කල් යල් බලා බිම් හේනක් වපුරන්න
    ඉල් සුබ නැකත නඟුලෙන් වැඩ කරවන්න//

    මේකම තමයි සනත් කිව්වේ

    ReplyDelete
  2. වල් පැල නෙලූවිට සොඳුරුය වැව්කණ්ඩී
    කල් නෑ තවත් කුමටදෝ පැන් කෙණ්ඩී
    සිල් තව දුරය අපෙ සිත් තවමත් චණ්ඩී
    ඉල් මහ සැම දිනම සුභමයි අයියණ්ඩී....

    -----එතනා------

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කල් නෑ තවත් කුමටදො නොව "කුමකටදෝ" විය යුතුයි.

      Delete
    2. උඹ හපනා මම හදන් කියවගත්තා.ජය!

      Delete
  3. Replies
    1. ස්තූතියි සහෝදරයා...

      Delete