Saturday, May 17.

ඉල් සුබ නැකත

PicsArt_1474108188984

නෙරියෙන් බුරිය වහගෙන යනකොට    එතනා
කොරියෙන් ගෙනා ගල් වංගෙඩියක්      හිතුනා
ලොරියෙන් බාපු වට්ටක්කත් දෙවෙනි       උනා
කරියෙන් උනත් මං කෑවේ හොදිය          අනා

මල් මල් චීත්තය තුත්තිරි           ගල්වන්න
වල් පැළ තියේනම් මට හැකි       උදුරන්න
කල් යල් බලා බිම් හේනක්          වපුරන්න
ඉල් සුබ නැකත නඟුලෙන් වැඩ   කරවන්න

නින්දක් නැතිව සිහිනයකුත්        පෙන්නාලා
හැන්දක් ඇතිව කිරි කෑවම පැණි           දාලා
කෙන්දක් ඇබින්දක් නොව සෙනෙහස   දීලා
ලන්දක් කපා එළිකෙරුවෙම්           රඟපාලා

7 comments:

  1. ian+pic

    //වල් පැළ තියේනම් මට හැකි උදුරන්න
    කල් යල් බලා බිම් හේනක් වපුරන්න
    ඉල් සුබ නැකත නඟුලෙන් වැඩ කරවන්න//

    මේකම තමයි සනත් කිව්වේ

    ReplyDelete
  2. blogger_logo_round_35

    වල් පැල නෙලූවිට සොඳුරුය වැව්කණ්ඩී
    කල් නෑ තවත් කුමටදෝ පැන් කෙණ්ඩී
    සිල් තව දුරය අපෙ සිත් තවමත් චණ්ඩී
    ඉල් මහ සැම දිනම සුභමයි අයියණ්ඩී....

    -----එතනා------

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කල් නෑ තවත් කුමටදො නොව "කුමකටදෝ" විය යුතුයි.

      Delete
    2. blogger_logo_round_35

      උඹ හපනා මම හදන් කියවගත්තා.ජය!

      Delete
  3. PicsArt_07-26-08.25.23
    Replies
    1. blogger_logo_round_35

      ස්තූතියි සහෝදරයා...

      Delete