නොමියන නාමයක් විජේ කුමාරතුංග



               ජාතීන් අතර සමගිය සහ දේශයේ සාමය වෙනුවෙන් සැබෑවටම කැපවූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකු වූ ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ වූ විජය කුමාරතුංගයන් 1988 පෙබරවාරි මස 16 වෙනි දින පොල්හේන්ගොඩ එතුමා ගේ නිවස ඉදිරිපිට දී ඝාතනය කර වසර 27 ක් පිරුණි. සොදුරු කලාකරුවෙකු වූ විජය කුමාරතුංගයන් සදා අමරණීය මතකයක් සමග අප හදවත් හි සැරිසරයි.  ඔහු සදාකාලික පෙම්වතකි. කිසිදා මහළු නොවන ඔහු අප අතරට පැමිණියේ නාඹර තරුණ වියේ දී ය. ඔහු සිනමා වේ පෙම්වතා විය. ඔහු මිය යන විටත් ඔහු සිනමාවේ පෙම්වතා ම විය. අමතක නොවන හදවත් ඇති රසික රසිකාවියන් තවමත් ඒ සුන්දර මිනිසාගේ රුව, ගායනය, රංගනය වෙනුවෙන් ජීවත් වෙයි. පුදුමයට පත්කරවන කරුනක් ඇත. ඒ විජය වියෝ වූ පසු උපන් නව පරපුරක ආදරය ද ඔහුට හිමි විමයි.

ලාංකේය සිනමා සංස්කෘතිය තුළ ඉහළම ප‍්‍රතිරූපයක් ගොඩන`ගා ගෙන සිටි ගාමිනි ෆොන්සේකා පොදු ජනයා අතර දිනාගෙන සිටි අසීමිත ජනපි‍්‍රයත්වය හැත්තෑව දශකයේ මැද භාගය වන විට කෙමෙන් විජය කුමාරතුංගයන් වෙත මාරු වෙමින් අසූව දශකයේ මැද භාගය වන විට තිරයේ ජනපි‍්‍රයම නළුවා බවට පත් විය. විජයගේ අසීමිත රූප සම්පත්තිය ඔහු ගේ ජනපි‍්‍රයත්වයට හේතු විය.

හැටේ දශකයේ අවසාන භාගයේ දී සිනමාවට අවතිරණ වන විජය කුමාරතුංග සිය රුව-ගුණ පතුරවමින් ප‍්‍රබල ලෙස ප‍්‍රතිරූපයක් ගොඩ න`ගන්නේ ලාංකේය සිනමාවේ ස්වර්ණමය අවදිය ලෙස සැළකෙන හැත්තෑව දශකකයේදිය. හැටේ දශකයේ අග භාගයේ දී ලාංකේය සිනමාවට සමාජීය නැඹුරුවක් එක් කරමින් හැත්තෑව දශකය ස්වර්ණමය අවදියක් බවට පත් කළ රැල්ලක පුරෝගාමියා වූ සුගතපාල සෙනරත් යාපාගේ ”හන්තානේ කතාව” සිනමා නිර්මාණය යි.  නව සිනමාවක අරණළු දකිමින් සිටි ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර, ස්වර්ණාමල්ලවආරච්චි යන ශිල්පින් ඇසුරින් විජයගේ  සිනමා ප‍්‍රවිෂ්ට වීම සිදු විය. විශ්වවිද්‍යාල තරුණයෙක් ලෙස තම රංගනයෙන් දායක වු විජය හැත්තෑව දශකයේ නව සිනමා ප‍්‍රවේගයට ප‍්‍රතිපක්ෂව හිස ඔසවමින් දැඩි වාණිජවාදි ජනපි‍්‍රය සිනමා ප‍්‍රවේගය විසින් නතු කරගනු ලැබීය. විජයගේ අතිශයින්ම පියකරු මුහුණ, රැුළි සහිත කොණ්ඩය, තරුණ පෙම්වතෙකුගේ සුකුමාර බව , කෙළිලොල් බව ප‍්‍රකට කරන ලක්ෂණ විය.

හන්තානේ කතාව චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පොවමින් රංගනයට පිවිසි විජය පි‍්‍රයංගා, රන් ඔන්චිල්ලා, හතර දෙනාම සූරයෝ, අභිරහස, කේසර සිංහයෝ, බිදුණු හදවත්, එදත් සූරයා අදත් සූරයා, ක‍්‍රිස්තු චරිතය , අහස් ගව්ව , සිකුරුලියා , තුෂාරා , මේ දැස කුමටද , හතරදෙනාම සුරයෝ , සංගීතා , මමයි රජා , හිගන කොල්ලා ,  මරුවා සමග වාසේ , එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත් , ග`ග අද්දර , බැද්දේගම , කැඩපතක ජායා, බිනර් සහ ඉසුදු බණ්ඩා, ජය සිකුරුයි, ගිතිකා, විස්මය, අනුපමා, බැද්දේගම,යුගයෙන් යුගයට, අහිංසා අදි සිනමා නිර්මාණ 110කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය දක්වා ඇත. 1983 සිට 1988 දක්වා අඛණ්ඩව වසර 05ක්ම ජනප‍්‍රිය නළුවා සම්මානයේ හිමිකරුවා විය. රංගනයට මෙන්ම ගායනයටද සමතෙක් වූ විජය පසුබ්ම් ගායනයෙන් සම්බන්ධ වී සහරාවේ සිහිනය, දොළොස්මහේ පහන චිත‍්‍රපටවලට හොදම ගායකයා සම්මානය ලැබීමට තරම් ඔහු දක්ෂයෙකු විය. ඔහුගේ ගැයූ ගී විටෙක සමාජ යථාර්ථයේ පිළබිඹුවන් විය. උගත්, රැකියා විරහිත, සමාජ අසාධාරනයට ලක් වූ ලාංකේය තරුණ පරපුරේ අසහනය මෝරා පුපුරා යාමට බොහෝ කළකට පෙරය. අවාසනවාකට ඒ අවාසනාවන්ත පුපුරායාමේ ගොදුරක් බවට ඔහු ද ලක් විය.

වහලේ යට ලියේ -එල්ලී මිය ගිය මගේ මලේ
මලේ කිමද නුඹ දනිමි මලේ

තවත් වරෙක සුනිල් ආරියරත්නයක්ගේ ගී සංකල්පයක් විජය ගේ හඩින් ගැයෙන්නට විය.

උපන් බිමට පිටු පා
කෞතුක මන්දිරයක මිදුලට බැස
මහ සමුදුර වෙත දෑසු යොමා ගෙන
 සිටිනා විරයිනේ
 නුඹය මෙදා අප විදිනා ගැහැටට
 වග උත්තර කරුවෝ

බලය වෙනුවෙන් මුළු රටම අවුලට ඇද දමා ගාලූ මුවදොර පිටියේ පිළිම වෙමින්, උපන් බමට පිටුපා මහ සයුර දෙස බලා සිටින්නේ සැබෑ විරයින් දැයි සමාජයෙන් ප‍්‍රශ්න කරමින් විජය මේ ගිතය ගායනා කරයි. මීට අමතරව ගග අද්දර, කවු`එව අතරින්, වේදනා, දිනකර පායා, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රෝස ගහ ළග, රැල්ලෙන් රැල්ලට, සීතලේ නිසංසලේ යන ගී ගායනා කර ඇත.

 කලාව ධනය වෙනුවෙන්ම නොව සැබෑ මිනිසත්කම හා අනාගත ලෝකයක සුවය පිණිස විය යුතුයැයි උදාර හැගුමින් කටයුතු කළ ආදරණීය ”විජේ” දේශපාලනයට පිවිසෙන්නේ සැබෑ විමුක්තිය හා යහපත් දේශපාලන ගමනක් සිහිනෙන් දකිමින් ය.

දේශපාලන ආරම්භය

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලය ආරම්භ කළ පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂට සම්බන්ධ විය. 1977 දී පවත්වන ලද මහ මැතිවරනයෙන් ශී‍්‍ර ලාංකික දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් විය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළුව වමේ පක්ෂ අන්ත පරාජයට පත්වූ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පමණක් උතුරු නැගනහිර ප‍්‍රදේශවල ආසන සංඛ්‍යාවක් දිනාගන්නා ලදි. පාර්ලිමේනිතුවේ 5/6 ක බලයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනිමත් සම`ග විරුද්ධ වාදින් එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහළේය.

මේ අනුව දේශපාලන, ආර්ථික, සාමාජිය හා සංස්කෘතික ක්ෂේත‍්‍ර සියල්ලනේම රටට හා ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් ඉස්මතුවන්න විය. ඒ අතරතුර රට හමුවට පැමිණි 1982 ජනාධිපතිවරණයේ දී මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසිකර තිබූ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඉදිරිපත් වුවුද එතුමාට විරුද්ධපක්ෂයේ අතැමුන් විසින් අභ්‍යන්තරයෙන් දියත් කළ කුමන්ත‍්‍රණයන් හි ප‍්‍රතිපලයක් ලෙස එතුමා පරාජයට  පත් විය. එතුමාගේ ජයග‍්‍රහනයට සහය දක්වමින් සියලූ කැප කිරිම් කරමින් රට පුරා ජනතාවට නායකත්වය දුන් විජය කුමාරතුංග ප‍්‍රමුඛ පිරිස රාජ්‍ය නැක්සලයිට්කරුවන් ලෙස අත් අඩංගුවට ගෙන වද හිංසා පමුණුවා හිර කරන ලදි. තවද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් මහර ආසනය වෙනුවෙන් මැතිවරණයට පෙනී සිටි අතර පළමු වටයේ ලද ජයග‍්‍රහණය, විදුලිය ඇනහිටීමෙන් අනතුරුව මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයාට හිමි විය. සමාජ අසාධාරණයන් සියල්ල දරා ගනිමින්, 1984 ජනවාරි 22 විජය කුමාරතුංගයන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශිලි බලවේග සමග ශී‍්‍ර ලංකා මහජන පක්ෂය ආරම්භ කර ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතශිලී කණ්ඩායමේ ප‍්‍රවිණ පිරිසක් මේ සදහා එකතු විය.

ජාතිවාදයට එරෙහි වූ විජය කුමාරතුංග

ජාතිවාදයට විරුද්ධ වූ එතුමා සිංහළ දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ යන ශී‍්‍ර ලාංකේය ජන වර්ගයන්ගේ සැබෑ ජනතා නායකයා විය. දකුණේ මෙන්ම අතුරේ කි‍්‍රයාත්මක වු ජාතිවාදි බලවේග විසින් ඉස්මතු කල ත‍්‍රස්තවාදයට විරුද්ධව යමින් උතුර දකුණ සැබෑ සහෝදරත්වයෙන් යා කරන්නට අභීත නායකත්වයක් ලබා දි ඇත. 1983 ජූලි කලබල ම`ගින් දෙමළ ජනතාවට එල්ල කරන ලද අමානුෂික ප‍්‍රහාරය තිස් අවුරුදු යුද්ධයක ආරම්භය විය. යුද්ධයෙන් විරසක වු සිංහල දමිළ හා මුස්ලිම් ජන කොටස් යළි එක්සත් කිරිමේ දේශපාලන විසදුමක අවශ්‍යතාව මතු වි තිබුණි. විජය කුමාරතුංගයන් මේ සදහා දිවි හිමියෙන් එකතු විය.දෙමළ ජනතාවට ද දේශපාලන බලයේ සාධාරණ පංගුකාරීත්වයක් දිය යුතු යැයි හඩ නගමින් විජය පළාත් සභා ක‍්‍රමය මෙරට ස්ථාපිත කළ 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝදනය ගේන ඒමට කළ උද්ගෝශන ව්‍යාපාරයන්ට සිය දායකත්වය දක්වන්න විය.

එතුමාට අවශ්‍ය වූවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමින් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා යළි ගෙන ඒමය. දේශපාලන ක්ෂේත‍්‍රයේ නිවැරදි කළ යුතු ප‍්‍රධාන කාරුණු නිවැරදි කරන්න පුලූල් ජනමතයක් ගොඩනගන්න සිය හඩ අවධි කළ විජය බහු ජාතික සමාගම් ග‍්‍රහනයෙන් අපේ ඉඩම් නිදහස් කර ගැනීමටත්, ගොවීන්ට විරුද්ධව සම්මත කර ලද ජල බද්ද අහෝසිකර දැමීමට උසාවිය වටලා හිරගෙට නියම වූ ගොවීන් බේරා ගැනීමට ද කටයුතු කළේ ය. ආණ්ඩුව විසින් අත්කරගන්නා ලද 70 ලක්ෂයක් ජනතාවගේ සලාක පොත යළි ලබා දීමේ දැවැන්ත අරගලයක්  දියත් කළේ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලනයක්, ජාතික ආර්ථිකයක් හා අපටම අනන්‍ය වූ සංස්කෘතියක් වෙනුවෙන් සියලූ සංවිධාන, පක්ෂ එකමුතු කරන්න ”දෙසැම්බර් 26 ව්‍යාපාරය” නම් ජාතික ව්‍යාපාරය ආරම්භ කර ඊට නායකත්වය ලබා දි ඇත. ඒ මුලූ රටම ජනතාවාදී පාලනයෙන් නිදහස් කර ගැනීමේ උදාර පරමාර්ථයෙනි. රටට ගැළපෙන වමේ සන්ධානයක්  ගොඩනගමින් සකලවිධ ප‍්‍රතිගමින්ට එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමින් ජාතික වශයෙන් කැපවුණ අවස්ථාවක ඔහුගේ ඝාතනය මෙරට ජනතාවටත්, රටටත් සුදු වූ බරපතල පාඩුව මෙතකැයි කියා නිම කළ නොහැක.

ප‍්‍රතිගාමි කදවුරේ වුවමනාව වුයේ නව දේශපාලන ව්‍යාපාරයේ සිබෑ නායකයානන් ඝාතනය කිරීමෙන් සකලවිධ ජනතාවාදී බලවේගය විනාශකරමින් පොදු ජනතා අපේක්ෂාවන් සියල්ල මුලින් උපුටා දැමීමය. රටක් හඩා වෙලපෙද්දි විජය අප අතරින් වෙන්ව ගියේය. අවස්ථාවාදය ප‍්‍රතික්සේප කළ ඔහු අව්‍යාජ ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනයට පදනම සකස් කළ අයකි. විජය හ`ඩ නැ`ගුවේ යුක්ති වෙනුවෙනි. ඔහුගේ ජිවිතය අකාලයේ මිලින වූවේ අවස්ථාවාදී දේශපාලකයන්ගේ කි‍්‍රයාකාරිත්වය නිසා ය.
විජය වරක් දොරවේරුවේ දි ප‍්‍රසිද්දියේ තම මරනය ගැන මෙසේ ප‍්‍රකාශ කොට ඇත. එනම්, මම කිසිසේත්ම මරණයට බිය නොවෙමි. එහෙත් ඇතැම් විට මට මරණය ගැනද බියක් දැනේ යම් හෙයකින් මා මළ දාක ඔබගේ පියා මළේ කෙසේ දැයි, පාසලේ සහෝදර ශිෂ්‍යයෙකු මාගේ පුතාගෙන් විමසුවහොත්


”මාගේ පියා මළේ බයිස් කොප් එකක තරුණියක් සමග මල් ගසක් වටා නටන් ගියක් කියද්දී හැඳුණු පපුවේ අමාරුවෙනි” යැයි පිළිතුරු දීමට මාගේ පුතාට සිදුවේ යැයි මම බියෙන් පසුවෙමි. කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් මාගෙ හිස  කුඩු පට්ටම් වී යාමට ලැබුණොත්මට ඊට වඩා සැපයක් නොමැත.” යනාදි වශයෙනි.
විටෙක ඔබ යෞවනයේ සිහින කුමාරයා ය. සහෘර්ද හදවත් අමන්දානන්දයට පත් කළ ඔබ එදා මෙදා තුර සිනමාවේ සුකුමාල පෙම්වතායx අප ජිවත් වන සමාජයේ මිනිසුන් ඉපදී, ජීවත් වී, මිය ගිය එසේත් නැත්නම් මරා දමා ඇති අවස්ථා අපමණවත්ව ඇත. ඒ අවස්ථාවන් ගණනකගේ අත්දැකීම් ද අපට ඇත.නොමියෙන මතකයෙන් සිත් බැදි ඔබ ජාතිය වෙනුවෙන් දිවි පිදු වීරවරයෙක් ය ලක්මවට සිටි.

-උපුගටාගැනීම අන්තර්ජාලයෙනි-

No comments