අරන් එනතුරු ඉදින් නන්දා...

කාණුවේ කුණු ගොඩට ගන්නා
...................මගේ මේ රස්සාව හින්දා
හුස්ම කෙන්දත් හිරකරන් ගඳ
...............දෛනිකව හිමිදිරියේ වින්දා
ලෙඩ ඇදේ පණ අදින සද්දේ
.................මගේ හදවත නිතර බින්දා
උඹට අධිමිල එන්නතට පඩි
...............අරන් එනතුරු ඉදින් නන්දා


සෙල්ෆි කවියා (Priyadarshana R.M.A.)