අම්මලාට මෙවැනි ලිපියක් යොමු කරනවා


 

දෙක වසර පංතිභාර ටීච කෙනෙක් පුංචි පුතාලා ඉන්න අම්මලාට මෙවැනි ලිපියක් යොමු කරනවා.❤


ඔබට ඉන්නෙ හොඳම හොඳ දරුවෙක් 

ඔව්  මන් ඒකට සාක්කි දරනවා


එහෙත් මට ඔබෙන් උදව්වක් ඕන 

ඔබ ගෙදර කෑම පිසින සෑම අවස්තාවකට ඔබේ පිරිම් දරුවා සහභාගි කර ගන්න.


ඔහුට කියලා පොල් ටිකක් ගා ගන්න

එළවළු ටික ලඟට ගෙන්න ගන්න

එළවළු ටික සෝද ගන්න

පුංචි කාලේ සිටම ඔහුට එය පුරුදු කරන්න..


ඔබ රෙදි සෝදන විට

ඔහුට රෙදි සෝදන හැටි කියා දෙන්න

වැලට රෙදි ටික දාන්න පුරුදු කරන්න

වේලුණු රෙදි ටික ගෙට ගේන්න

පිළිවෙලකට නමා අල්මාරියෙ දමන්න පුරුදු කරන්න..


ගෙදර අතුගාන්න දෙන්න

මිදුළ අතුගාන්න දෙන්න

මල් නෙලලා පහන තියන්න පුරුදු කරන්න..


හැම මොහොතකම ඔබේ අමාරුකම් දරුවාට කියලා දෙන්න

ඔබ අසනීප වූ විට දරුවා ලවා ඔබේ බෙහෙත් ලඟට ගෙන්ව ගන්න

වතුර ටිකක් බත් එක ඔහුලවා ලඟට ගෙන්න ගන්න

ඔබට අමාරුයි ඒ බව හැගෙන්න දෙන්න..


ආදරණීය අම්මේ..

දරුවා පාසලෙන් හොදින් ඉගෙන උගතකු කරවීමේ වගකීම මා ඉටු කරන්නම්

එහෙත්

මතු දිනක ඔහුව කසාඳ ජීව්තේට කුඩා කල සිට ඔබේ පුහුණුව අත්‍යවශ්‍ය වේ..

එයන් ඔබේ දරුවා ගැහැණිය සතු වගකීම් මනා ලෙස හදුනාගෙන ඇයට සහය වෙනවා නොවනුමානයි..


දෙමාපියන් ලඟ නොමැති සහයෝගය නිසා මගේ පංතියේ හුගක් ළමයි පීඩා විදින්නෙමු

දෙමාපියන් ගෙ පවුල් ජීව්ත බිඳ වැටීමෙන් දරුවන් පීඩා විදින අයුරු මා දකිම්..


ආදරණීය අම්මේ

ඔබේ ගැහැණු දරුවාට ඔබ කියලා දෙන සියල්ල පිරිම් දරුවාටද කියලා දෙන්න පුරුදු වෙන්න..


එයින් මවක්ව මෙන් බිරිඳව දකින සැමියෙකුත්..ඒ සමඟියෙන් සතුටින් සැනසීමෙන් සිටින දරුවන්ද බිහිවෙතැයි මට විස්වාසයි..


එය අදම පටන් ගන්න

                                            මීට ටීච ...


                       B.M.N.බස්නායක ✍️ (සඳූ )


සිතුවිල්ලක් පමණයි..

No comments