ලෝකයටම ප්‍රශ්නයක් වූ අවුල 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩


 

ලෝකයටම ප්‍රශ්නයක් වූ අවුල
𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 #බලහත්කාරකම
ඔබ වට්සැප් භාවිත කරන්නෙක් නම් ඔබට සමහරවිට මේ වෙද්දී update එකක් ලැබිලා ඇති.
Facebook,whatsapp,instrgram යන ත්රිත්වයම එකම සමාගමක එනම් ෆේස්බුක් සමාගම හිමිකාරීත්වය දරනවා.මම විශ්වාස කරනවා ඔබ බහුලවම භාවිත කරන්නේත් මේ කියන ඇප්ලිකේශන් විය යුතුයි.

ඉතින් ලොකයේම ලොකු කැළඹීමක් ඇති කරන්න මෙන්න මේ කියන අප්ඩේට් එක හේතු වෙලා තියනවා..
ලෝකයේ සිටින බලවතුන් පවා මේ වෙද්දී වට්සැප් වලින් ඉවත් වීමට තීරණය කර තිබෙන්නෙත් එහෙම පසුබිමක් ඇතුලේදීයි.

අලුත්ම අප්ඩේට් එක අනුව ඔබ පෙබරවාරි
8 ට කලින් මෙය අනුමත නොකළොත් ඔබව ඉවත් කිරීමට සිදු වන බවත් එයින් පැවසෙනවා.මේ හේතුව තමයි හැමෝම බියට පත් වෙන කාරණාව වෙන්නෙ.

ඔබ වට්සැප් හරහා සිදු කරන දේවල් වට්සැප් ආයතනය විතරක්ම නෙවෙයි ඉන්ස්ටග්රෑම්,ෆේස්බුක් හා සම්බන්ධ ආයතන සමගද හුවමාරු වෙනවා.(3rd party related services)

මොනවද ඔවුන් අපි ගැන දන්න තොරතුරු..?
ඔවුන් ඔබේ දුරකතනයේ
1.phone number
2.OS එක
3.battery level
4.Ip address
5.signal strength
6.location
7.Whatsapp usage
8.payments
9.about your groups
10.profile pictute
11.about your information....
වගේ දේවල් දැනගෙන ඉන්නවා..

ඊලගට ඔබ බය උන කාරණාව ඔබේ මැසෙජ්, වීඩියෝ කෝල් එයාලා කියවනවාද?
එයාලා කියන විදියට නම් වට්සැප් ආයතනය තුලදී ඔබ යවන තොරතුරක් එයාලට කියවන්න බෑ.
මොකද එයාලා ඔබේ දත්ත දුරකථන දෙක අතර ක්ෂණිකව හුවමාරු කරීම නිසා බවයි පැවසෙන්නේ.

මේ අලුත්ම අප්ඩේට් එක එහෙම වෙන්න හේතු තවත් තිබෙනවා ඒ තමයි විවිධ ව්යාජ ලින්ක්,ව්යාජ මැසෙජ් මේ ඇප් හරහා යොමු කෙරෙන බවත් ෆේස්බුක් වට්සැප් ඉන්ස්ටග්රෑම් එකට සම්බන්ධ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සැබෑ පුද්ගලයින් හදුනා ගැනීම බවද පැවසෙනවා.

ඒ වගේම ඔබ වට්සැප් භාවිත කරන විට ඔබව කියවන වට්සැප් ආයතනය ඔබගේ අවශ්යතාව හදුනාගන්නවා.ඒ අනුව ඔබගේ ගිණුමට යොමු කෙරෙන ඇඩ්වර්ටීස්මන්ට් තීරණය කෙරෙනවා.ඔවුන් ඔබව ගොනාට අන්දන්නේ එලෙසින්.😁

ඉතින් ඔබට හිතෙනවා නම් වට්සැප් ආයතනය ඔබේ තොරතුරු කියවනවා කියලා.ඔබට වෙනත් ඇප්ලිකේශන් එකක් දාගන්න වෙනවා.
හැබැයි අපි ගැන වට්සැප් දැනගත්තොත් උන්ටත් පිස්සු හැදෙන දවස වැඩි ඈතක නෙවෙයි.
😁😀😀
ඒත් ඔබ privacy policy ගැන ගොඩක් වද වෙනවා නම් සහ හිතනවා නම් ඔබටත් සිදු වෙනවා වට්සැප් වලින් සමුගන්න.😥😭

No comments