විශාදය යනු ඔබ දන්නවා ද?



විශාදය යනු කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි

විෂාදය මානසික රෝග අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර මෙය මානසික අවපීඩනය  ලෙසද හඳුන්වයි.අප මනස තුල ඇතිවන කලකිරීම් ස්වභාවයන් සහ අතෘප්තිකර තත්වයන් මෙම රෝගයට හේතු පාදක වේ.මෙහි භයානකම ප්‍රතිපලය වන්නේ නිසි ප්‍රතිකාර නොලැබුවහොත් ඔහු තදබල කලකිරීම හේතුකොට ගෙන සිය දිවි නසා ගැනීම හෝ සිය දිවි නසා ගැනීමට තැත් කිරීමයි.

විෂාදයෙන් පෙලෙන රෝගියකු බොහෝ විට ඇන්ටිසයටි, ඇනෙක්ෂයටි   (Anxiety )
  නැතහොත් යමක් කෙරෙහි තද බල ඇල්මක් ඇති වීම හෝ සංකාවෙන් පෙලීම ප්‍රධාන ලක්ෂණය වේ.

විශාදයේ ලක්ෂණ

අක්‍රමවත් නින්ද යාම
අළුයම් කාලයට පෙර නැගිටීම
කෑම අරුචිය
අලස බව
එදිනෙදා කටයුතුවල අක්‍රමවත් බව
නිතර කල්පනා කිරීම
සිතින් මවා පෑම් ඇතිවීම
අස්වබවික විශ්වාසයන් සිතේ ඇතිවී ඒ මත කටයුතු කිරීම.
අන් අයව සැක කිරීම
කේන්ති යෑම වැනි
නොගැළපෙන වරදකාරී හැගීම් , අසරණ බව
බලාපොරොත්තු කඩවූ , අසුභවාදී හැගීම්
චින්තනයේ , අවධානය පවත්වා ගැනීම් , මතක තබා ගැනීමේ , තීරණ ගැනී‍මේ අපහසුතාවය.
මරණය ගැන සිතීම හෝ සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම
තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වලින් සොම්නස ලබා ගැනීමට නොහැකි වීම.
සමාජ ආශ්‍රයෙන් , යහළුවන්ගෙන් ඈත් වීම
ශක්තිය අඩුවීම, ක්‍රියාවන්ගෙන් වේගය අඩුවීම

ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ වේ.

මෙම රෝග තත්වය ඇතිවීමට බලපාන ජීව විද්‍යාත්මක හේතු .

මොලයේ රසායනික ක්‍රියාකාරිත්වයේ ඇති වන විවිධ වෙනස්කම්
මොලයේ සහ ශරීරයේ ඇතිවන ව්‍යධිමය තත්වයන්.

අපේ මොලේ සෛල වලින් නිකුත් වන රසායනික ද්‍රව්‍යයක් තමා සේරොටින් කියන්නේ.ඒ හරහා මොලේ සෛල තමන්ගේ හැගීම් හුවමාරු කර ගනී.අපිට සතුටුදායක හැගීම් සිතට පැමිණෙන්නේ මෙම රසායනික ද්‍රව්‍ය හරහාය.

මෙම තත්වය සුළු, මධ්‍යම සහ බරපතල ලෙස වර්ග කිරීමට හැකි අතර

ද්විධව රෝග තත්වය

මොහු සාමාන්‍ය තත්වයෙන් සිටියත් යම් ප්‍රමාණයකට කනස්සල්ලෙන් සිටිනු දැකිය හැකියි.නමුත් එය අන් අයට නොපෙන්වා සතුටින් සිටින බවට පෙන්නු කරයි.මෙහි බරපතල බව වන්නේ මොවුන් ජිවිතයට හානියක් කර ගන්නා තෙක් අනික් පිරිසට මෙය නොදැනිමයි. වයස 13- 15 අතර දරුවන්ගෙන්10න්  එක් අයකු විශාදයෙන් පෙලෙන බව මේ වන විට පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබෙනවා.

මනෝ විශේඥයින්ට අනුව මෙම රෝගී තත්වයන් ඇති වන්නේ බොහෝ විට අන්තර්වර්ති පෞර්ෂයක් ඇති එනම් සංවේදී පුද්ගලයින්ට වේ.මෙහිදී ලක්ෂණය වන්නේ සෑම දෙයක් පිළිබඳව ම අනවශ්‍යකාරයෙන් සිතමින් කල්ගත කිරීමයි.දැනට ලොව මිලියන 322 කකට ආසන්න පිරිසක් මෙම විශාදයට ගොදුරු වීමේ අවධානමට මුහුණ දෙමින් සිටිනවා.

නිලක්ෂි බණ්ඩාර
24/01/2019

1 comment:

  1. මේ වීඩියෝ එකේ තියනවා මානසික අවපීඩනය අපට බලපාන ආකාරය https://www.youtube.com/watch?v=UdMhJeItID4

    ReplyDelete