ඔබට යමක් සිතිය හැකිනම්, එය අනිවාර්යයෙන්ම කිරීමටද හැකිය


ඔබට යමක් සිතිය හැකිනම්,
එය අනිවාර්යයෙන්ම කිරීමටද හැකිය!
________________________________________
මේ ඡායාරූපයේ සිටින්නේ වර්ගවාදී යුද්ධයට බියපත්ව පාසැල් ගුරුවරුන් වු සිය මවුපියන් සමග ශ්‍රී ලංකාව හැරදා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ක්‍රිෂාන්ති විග්නරාජාය.
ලංකාව හැරයන විට ඇය මාස 9 ක සිගිත්තියකි.
ඇයට නුපුරුදු පරිසරයක නුපුරුදු මිනිසුන් අතර චරිතයක් වීමට පරමිපරාගත උරුමයක් තිබුනේ නැත. ඇය ස්වකීය උරුමය ස්වඋත්සාහයෙන් උපයා ගත්තාය. ඇගේ වයස අවුරැදු 25 වනවිට ඇය ඉදිරියේ උපාධි සහතික 4 ක් විය. යේල් සරසවියෙන් උපාධි ත්‍රිත්වයද ඔක්ස්ෆරඩි සරසවියේ Master of Philosophy උපාධියද ඒ අතර විය.
ක්‍රිෂාන්ති ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයේ වෘත්තීය කථිකාචර්යවරියකි. ඇය ජීවත්වන්නේ එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේය. මේරිලෑන්ඩ් ජනපදයේ මේ ශක්තිමත් ගැහැණිය අංක එකේ සමාජ ක්‍රියාකරිනියකි. ඇගේ බුද්ධිය හා පෞර්ෂත්වය කොතෙක්දයත් බැරක් ඔබාමා ජනපතිව සිටි කාලයේ ඔහුගේ බිරිද මිචෙල් ඔබාමාගේ දේශපාලන හා සමාජ කටයුතුවල අධ්‍යක්ෂිකාවද, ප්‍රතිපත්ති සම්පාදකවරියද විය. විකිපීඩියාව ඇයව හදුන්වා දී ඇත්තේ මිචෙල් ඔබාමාගේ ප්‍රතිපත්ති සම්පාදනය කරන කාන්තාව ලෙසියි.
ඇය මෙවර එක්සත් ජනපද ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් මේරිලන්ඩ් ජනපදයේ ආණ්ඩුකාරධූරයට තරග කරයි. දැන් ඇගේ වයස 38 කි.ඇමෙරිකාවේ ආණ්ඩුකාර ධුරයකට තරග කරන ලාබාලතම කාන්තාව ඇයයි. ශ්‍රී ලාංකික දියණියේ අපි ඔබගේ ධෛර්යයට හා උත්සාහයට සුබ පතන්නෙමු.
උපුටා ගැනීම : නිසල් ලහිරුගෙනි

No comments