Scales දැනුම No .2 (Chromatic scale)


Scales දැනුම No .2

අපි කලින් හඳුනාගනු ලැබූ
   A B C D E F G
ස්වර අතරින් මිනිස් කටහඬට වඩාත් කිට්ටු
ප්‍රධාන ස්වර ලෙස
      C D E F G A B (middle notes)නම් කරයි.

                      *middle notes*

              C ? D ? EF ? G ? A ? BC

මෙම ප්‍රධාන ස්වර 7 ට අමතරව තව උප ප්‍රධාන ස්වර 5 ක් හඳුනා ගැනේ.

(සැ.යු)අනුයාත ස්වර 2ක් අතර දුර බටහිර සංගීතයේදි semitone එකක් ලෙස හඳුන්වයි.ගිටාරයේ එක fret එකක් මෙයට සමාන වේ.( 2semitones = 1tone)

                        *sharp notes*(#)

 ප්‍රධාන ස්වරයක සිට semitone එකක්  ඉදිරියට  ගිය විට එම ප්‍රධාන ස්වරයේ sharp note එක ලැබේ.එනම් ,
C ට  ඉදිරියෙන් C#ද 
D ට  ඉදිරියෙන් D#ද
E ට  ඉදිරියෙන් E#ද (E# = F)
F ට  ඉදිරියෙන් F#ද
G ට  ඉදිරියෙන් G#ද
A ට  ඉදිරියෙන් A#ද
B ට  ඉදිරියෙන් B# ද (B# =C) යනාදී වශයෙනි.
එවිට ,

      C C# D D# E F F# G G# A A# B C
                   ලෙස ස්වර අනුපිළිවෙලක් ලැබේ.
(Chromatic scale එක ලෙසද මෙය හඳුන්වයි.)මෙය කටපාඩමේ තබා ගැනීම අත්‍යවශ්‍ය  කරුණකි.

#krishantha peramune

No comments