ආදරණීයම පාපතරයාගෙන් තම දූට
පියා අද මහදවල් ලොකුම සීලය බින්දා
අයා නෙත් නුවන් දොර තිබූ සීතල රන්දා
ගියා අවසන් ගමන මටත් සතුටුද මන්දා
හොයාගනු බැරිම තැන දොස්තරට බෙහෙතක්
තියාගනු ඵලක් නැත තවත් එක් මොහොතක්
කියාගනු බැරිවමද ඔහු හුස්ම දොහොතක්
හෙලාගනු නොහැකිවම බලා වුණි වෙනතක්
සුව නොවෙන ලෙඩක් නම් අදහෙටම මියැදෙන්න
දුව ඉන්න බව දැනම මං කොහොම ඉවසන්න
දිව දෙකේ කතා නොව ඔයා දෙව් ලොව යන්න
පව ගෙවන්නට දූව මැරුවෙ හිරබත් කන්න
සෙල්ෆි කවියා
No comments