Monday, June 23.

හිතවත දුකක් නෑ සෙබලෙක් වෙච්චි මට

අම්මට බනින කොට ඉවසනවද උඹලා
ගැම්මට එවුන් කෑ දෙනවිට විස පොවලා
ඇම්මට නොවේ ඇල්මට කීවත් නිවලා
දැම්මට අහක මේ මං ජාතික සෙබලා

අම්බරුවන්ට කවදත් තණකොළ මිටිය
කම්කරුවන්ට දුන්නද සොහොනක පිටිය
නිලදරුවන්ට පෙන්වා යුක්තියෙ සැටිය
මළදරුවන්ට පණ එයි කවදත් හැටිය

මුණිවත රකින එක යුතුකම විදින රට
ඇදිවත ධජය පෙන්වා මව සිහි ද කොට
පිලිවත කියා පෑවෙමි දිවි, පුදමි හෙට
හිතවත දුකක් නෑ සෙබලෙක් වෙච්චි මට

#සෙල්ෆි කවියා



6 comments:

  1. එහෙම කියනකොට ආඩම්බරයක් දැනෙනවා ඔවුන් ගැන

    ReplyDelete
  2. තිබ්බට ගැම්ම හිත යට අඩු නැති වෙන්න
    සද්දෙට බය නැතත් ගඳ වෙයි ඉවසන්න
    ලබ්බට තියපු අත පුහුලට නොතියන්න
    ගැම්මට නෙවෙයි මොළයට නිසි තැන දෙන්න.. :D

    ReplyDelete