ඔබව යම් මොහොතක යම් අයකුට ඕනෑකර තිබිය හැක

සුප්‍රසිද්ධ පෙෘද්ගලික ව්‍යාපාරික ආයතනයක කළමනාකරු ලෙස සේවයේ නියතු එක්තරා තරුණයෙකු ට එම ආයතනයේ හොදම කළමනාකරු සෙල සේවය කිරීම සම්බන්දව ඇගයීමට ප්‍රාප්ත වීමට වාසනාව ලැබුණි.එය ඔහුගේ උනන්දුව සහ කැපවීමෙහි ප්‍රතිඵලයක්.


මේ බව අදාල උත්සව දිනට පෙරදිනයෙහි තම ආයතන ප්‍රධානියා විසින් ඔහුව දැනුවත් කර පසුදින ඒ සදහා අනිවාර්යයෙන් උත්සවයට සහභාගි වියයුතු බව මතක්කර සිටිනවා.


සම්මාන පිලිගැන්වීමේ උත්සවය සදහා අදාල දිනයේ තරුණයා ඉතා පිළිවලට සුපුරුදු වැදගත් ප්‍රියමනාප පෙනුමින් සැරසී උත්සව සභාවෙහි නියමිත ස්ථානයේ තම සම්මානය ලබාගැනීමේ අරමුණ ඇතිවයි අසුන්ගන්නවා.

උත්සවය ආරම්භව වැඩකටයුතු අලංකාරව කෙරීගෙන යන අතරවාරයේ ඉතා ඉහල හඩින් කරන ලද දිගු වර්ණනාවත් සමග නිවේදකයා අතින් ඔහුගේ නම කියවෙනවා.දැන් එළඹ ඇත්තේ නොයිවසිල්ලෙන් බලා සිටි ඔහුගේ සම්මාන ප්‍රදානය භාරගැනීමේ මොහොතයි.ඒත් සමගම තරුණයා තම අසුනින් නැගිට උණුසුම් අත්පොලසන් මැද වේදිකාවට ගොඩවනවා.
එහිදී ඉතාවටිනා සහතිකයක් සමග පදක්කම් පැලදවීමෙන් පසුව ඔහුට සභාව ඇමතීමට අවස්ථාව උදාවෙනවා.ඒ ඔහුගේ සාර්ථකත්වය පිලිබද මුළුමහත් ආයතනික සේවකයන්ද ඇතුළු එහි සභාවට ආදර්ශයක් වීම පිණිස කළමනාකරණ ජීවිතය පිලිබද පැහැදිලි කීරීම සදහාය.


සභාව ඇමතිම ආරම්භව කතාව කෙටි වෙලාවක් ගලායන අතරතුර තම දුරකථනයට ඇමතුමක් එනවා.ඔහු එයට අවදානය නොදී කතාව කරගෙන යනවා.නමුත් නැවත නැවත ඇමතුම ගලා ඒමට පටන් ගන්නවා.එවිට ඔහු සූක්ෂමව තම සාක්කුවට අත දමා දුරකථනය ක්‍රියාවිරහිත කරනවා.පසුව තම සභාව ඇමතීම මනාව සිදුකොට උත්සවය අවසන්ව නිවස බලා ඒමට තරුණයා පිටත් වුණා.


ඔහු ට නිවසේ කඩුල්ල අසලට තම මෝටර් රථය ලංවත්ම යම් වෙනසක් හැගුණි.ඊට හේතුව නිවසට බොහෝ අසල්වාසීන් පිරිසක් රැස්ව සිටීමයි.දැඩි කුතුහලයෙන් යුතුව වහා රථය නවතා ගේ තුලට දිවගිය ඔහුට දැකීමට සිදුවුයේ තම ඇස් අදහාගත නොහැක්කකි.


තම මහළු මව ඇගේ නිදි පැදුර මත අවසන් සුසුම් නිදහස් කර නිදහසේ වැතිර සිටින දුටු ඔහුට සියල්ල අවබෝධ වීමත් සමග මනස කම්පනය කරමින් වෙදනා බරිතව ඇය බදාගෙනම හඩන්නය වුණි.නමුත් දැන් ඔහු පමාවී අැත.
අවිවාහක පුතා සහ තම මව පමණක් ජීවිතය ගෙවු ඔවුන් ඉතා සතුටින් ජීවත් වූවත් මව ඉතා අසාද්‍යව රෝගී තත්වයකින් පසුවිය.පුතුට ආ දුරකථන ඇමතුම අන් කිසිවකුගෙන් නොව තම මවගේ දුරකථනයනි.රෝගය උත්සන්න මොහොතක ලබාගන්නා බෙහෙත් පෙති අවසන්ව පෙරදින එය පුතුට ගෙන ඒමට කියා ඇති අතර එය ගෙන ආවද පුතාට තම කාර්යබහුලත්වය නිසාම එය මෝටර් රථය තුලම බැරිවිණ.

උත්සව සභාවෙහි පැමිණි ඇමතුම මවගේ එම බෙහෙත් පුතා ගෙනැවිත් තැබූ ස්ථානය වීමසීමට වන අතර එය ඇගේ අවසන් මොහොතට ආසන්නම ගෙවූ කාලපරාසය විය.අවසන් ප්‍රතිඵලය වුයේ මවට ජීවිතයද පුතුට මවද අකාලයේ අහිවීමය.
-------------------------------

මා වෙන කිසිත් නොකියමි.ප්‍රශ්නය නම් අප ජීවිතේ ඇතැම් වටිනා දේ හිමිකර ගැනීමට කැපකරන ලද කැපකිරීමේ ආවස්ථික පිරිවැය හෘදසාක්ෂියට කෙතරම් සාධාරණීකරණයට ලක්කල හැකිද යන්නයි.

"ඉතින් සැලකිලිමත් වන්න, ඔබව යම් මොහොතක යම් අයකුට ඕනෑකර තිබිය හැක"

No comments