පැණි රසට ඉව අදින

වද බිඳින පැණි බුදින
නඩයටම මග කියන
එවුන් ඇත පෙළ හැදුණ
කිරි වදත් උරා බොන

අවසනව මී කලය
හිස් බවින් බිම වැටුණ
හඬට දෙති පියාපත්
රස බැලුව ඒ රැළ ම

බිඳුණු කඩතොලු ඇදුණ
බඳුනකට හිත බැඳුණ
⁣එකෙක් හිටියොත් මෙදින
පැණි රසට ඉව අදින

Priyadarshana rathnayaka(සෙල්ෆි කවියා)

7 comments: