දළ පූට්ටුවා, වෙඩික් කරුට නොකී කතාව


වනේ ලැග්ගේ උපන්දා සිට
අදත් මතකයි ඈත ඉස්සර...
අනේ කවුරුත් අපිට බාදා
කලේ නම් නෑ හේන් හිස්කර...
විනේ කෙරුණේ උපන් උරුමේ
ඇතෙක් වුණි නම් දළක් අත්කර...
ගණේ දෙවිදුට අත තියනවද
මගේ නෑයින් රටෙන් අස්කර...

බඩේ හිටියා මගේ මැණිකෙගෙ
පැටියා තවමත් වැඩෙන කාලේ...
මඩේ ගිලිලා මැරෙනවා නම්
ඒත් කම් නැත පුතා බාලේ...
වැඩේ අහවර වෙන්න ළගනම්
මේක අහපං ගමේ රාලේ...
නඩේ කෙලවර වෙච්ච දවසට
ඇතා හොයපන් නුවර දෑලේ...

උණ්ඩ කෑවත් හිතට දුක නෑ
උඹේ දරු පවුලත් රැ කේවී...
ගන්ඩ දගලන දළත් වෙන්කර
හදිස්සියට ම ලේත් ඒවී...
යන්ඩ කලියෙන් වනේ දෙවියන්
යදී අවසන් හුස්ම පේවී...
එන්ඩ කවදා වත් එපා දළ
පුතාටත් මේ ටිකම වේවී...

#සෙල්ෆි_කවියා ( Priyadarshana Rathnayaka )

No comments