ඇය අලුමතින් නැගිටින ෆීනික්ස් කිරිල්ලියක් බදුය

ඇය යුද්ධයෙන් අලු බවට පත්වූ අලප්පෝ නගරයේ ඒ අලුමතින් නැගිටින ෆීනික්ස් කිරිල්ලියක් බදුය. පාසැල් ගොඩනැගිල්ල මත පතිත වූ බෝම්බය ඇයගේ හොදම මිතුරියන් හතරදෙනාවත් ඇගේ සොයුරාවත් සදහටම නිහඩ කර දැමීය .සිහි ලබනවිට ඇයගේ එක් පාදයක් ගැලවී පසෙක ලේ මත තිබිනි !
යුද්ධය අහිමි කලේ

ඇගේ මිතුරන් සොයුරා සහ පාදය පමණක්ද නැත. ඇගේ බොහෝ සිහිනද එය උදුරා ගත්තේය. ඇගේ සුන්දර සිහින අතර අලප්පෝ නගරයේ ජිම්නාස්ටික් ශූරිය වීමේ සිහිනයද තිබිණි. එක් පාදයක් අහිමි ඇය දැන් කෙසේ ඡිම්නාස්ටික් ක්‍රිඩාවේ යෙදෙන්නද ? නමුත් යුද්ධය නිසා බියපත්ව පළා නොයමින් එහිම රැදී සිටිනා නිර්භය ඇගේ යහලුවෝ ඇයට දෙනවා අරමුණක් ඉලක්කයක් ! ඡිම්නාස්ටික් ශුරිය වෙන්න බැරි වුනාට ඔයාට ජිම්නාස්ටික් උපදේශවරියක් වෙන්න බැරිකමක් නෑනෙ ! ඔන්න ඔහොම එයාට දැන් ඡිවත්වෙන්න අරමුණක් තියෙනවා. ඇය දැන් යනවා ඇගේ ඉලක්කය කරා ඉක්මණට යුද්ධයක් මැදින් සිනහව තවරගෙන . දැන් එයා එයාගෙ සිරැර සමබර කර ගැනීම සදහා දිනපතා ෆුට්බෝල් ගහනව ඇගේ මිතුරන් එක්ක . ඇගේ නම " සඡා ". ඔව් සඡා , ධ්‍යෛර්යවන්ත කෙල්ලේ අලුත් ඡිවිතයකට අලුත් ඇලප්පෝවකට සහ සිරියාවකට අපේ සුබ පැතුම් ! ප්‍රචණ්ඩත්වයෙන් යුද්ධයෙන් ඔබලාගේ අබලන් වූ අතීතය ඔබලාට නව මිනිසුන් සේ නැගිටින්න ඉතිහාස පාඩමක් වේවි !
===================================================
තොරතුරැ උපුටා ගත්තේ UNICEF USA

No comments