Saturday, April 5.

පෙරහන් කඩය ඇයි තිබුණේ මුල කිතුලේ

PicsArt_1483919074752


වරහන් කරපු සිතිවිල්ලක් හද          පතුලේ
රහන් වෙන්න කලියෙන් කකියන    රතුලේ
කුරහන් පාට මගේ මැණිකා ගෙයි    ඇතුලේ
පෙරහන් කඩය ඇයි තිබුණේ මුල    කිතුලේ

දෙවට ලගින් එනකොට තනි පාළු    කැලේ
කවට කමට නොව කියපන් අහන   වෙලේ
ඉවට ගිහින් බැලුවම ගහ මුලම      බොලේ
රවට ගන්න බෑ හිත එය උඹ ද          කලේ

පුසුඹ පිරුණු පටලන පපු තිසර            පටී
මදක් ඉරුණු අඹුඩයකුත් එතන           වැටී
මදට තුරුණු රත දිලිසුණු මැණික්       කැටී
කුමට කරුණු ලැබුණත් උඹ රටක්       වටී

හිතා බලාපන් අද ගම            කැළඹෙන්ට
සතා උඹයි හිතුනා මට            වැලලෙන්ට
පතා සතුට ආවත් ගෙට         ගොඩවෙන්ට
ඉතා හොදින් කීවා               පලයන්යන්ට

9 comments:

  1. PicsArt_07-26-08.25.23
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තූතියි.ජය!

      Delete
  2. character_princess_rapunzel_314b7a09

    රවට ගන්ට බෑ මගෙ හිත අය්යන්ඩී
    පවට කිම් කරමි උඹ කල විස බන්ඩී
    කවට කමට නොව මා කල හිත උණ්ඩි
    දුරට ගියා කීවේ ඇයි නෑනන්ඩී

    පපුතුර උන්නු ඒ හිමියන් හිටිද්දිම
    වටකර උනුන් රවටා හිමි වැහැංගුව
    මිටිකර දිවුර දිවුරා උන් නැහැ කිව්ව
    බලකර කිව්ව අප්පොච්චිට 'දියන් දුව'

    බබුන් නැති වෙතොත් මට දීගයක් නැතී
    හැපෙන් බිම වැටි උන් මට සිහිය නැතී
    කියන් මා ඇන්න උඹ වදුලට රිංගුවා ඇති
    මවුන් උන්න හින්දා මගේ පන රැකුණු ඇති

    ගිනිබිඳ කකුල් වැල්පටකින් තද කලද
    විනිවිද ගියේ නැහැ ඒ ආලය පපුව මැද
    වනවැද යනෙන ගමනට ඉව බලා අද
    ආවද බබුන් මම උන්නේ කඳුළු මැද

    ඇත්තයි හිතක් තිබ්බේ නැහැ උඹ ගැනම
    තිත්තයි යකඩ අත්ගොබ මගෙ ගත පෙළුම
    සත්තයි වාව ගන්නට බැරි උනි ඒ බැලුම
    සුද්දයි උඹේ නොපනත්කම් උන් ගැනම


    ReplyDelete
    Replies
    1. character_princess_rapunzel_314b7a09

      හරි ගියේ නැහැ අප්පා.... ආයෙමත් වෙලාවක හොඳ උත්තරයක් ලියන්න උත්සහ කරන්නම්කො. ඔබේ කවිය නම් බොහොම ලස්සනයි

      Delete
    2. blogger_logo_round_35

      ලස්සනයි.බොහොම ස්තූතියි වචන ඇමුණුවට.ජය!

      Delete
  3. blogger_logo_round_35

    කවිය පට්ටයි
    සංයමයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තූතියි.ජය!

      Delete
  4. 11227945_118589331817200_6256920054809218633_n

    අයියෝ වෙලා තියෙන දෙයක්... හරි අපූරුයි පද ගැලපුම

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒකනෙ අනේ.බොහොම ස්තූතියි.ජය!

      Delete