රතින් රඟපු කෝළම සිහිවෙද්දි වෙරී
පෙති ගෝමර මල් ඇහැරී හිත මැද්දේ
රති සාදය හතිදාගෙන බර ඇද්දේ
නිති සාමෙන් හංස ලතාවන් පැද්දේ
ඇති නෑ දැන් ගති පාමින් ඉඟියක්දේ
හිතට හිතක් නලියන කුතුහලෙන් කිපේ
නෙතට නෙතක් එක්වී බන්ධනේ කැපේ
ගතට ගතක් ලන්වී නග්නයේ හැපේ
වතට වතක් රත් දිය උණු හුමෙන් පිපේ
ඉතින් සතුට බෝ වී ඉතිරිලා කිරී
හිතින් කියයි දැන් ඇති සාදයත් හරි
නෙතින් අඩසි බැල්මන් ආයෙමත් බැරී
රතින් රඟපු කෝළම සිහිවෙද්දි වෙරී
ගැති වී රුවට ඉවසුම ඉගිලෙන්න ඇතේ
ReplyDeleteවැති රී සයනෙ හරඹය නිමවන්න ඇතේ
රති සුව උපරිමයි සිහිකල්පනා නැතේ
සති යෙන් යුතුව ජීවත්විය යුතුව ඇතේ.....
ලස්සන කවි ටිකක්.
ජයවේවා!!!
ඒකත් ලෙසටම දුමි අයියේ...
Deleteජය!
නියමයි ...
ReplyDeleteස්තූතියි...
Delete++++++
ReplyDelete☺️☺️☺️☺️☺️
Delete+++++
ReplyDelete☺️☺️☺️☺️☺️☺️☺️
Deleteපට්ට...
ReplyDeleteබොහොම ස්තූතියි...
Delete