හීනයක මහදවල් නිදනවා


හැමදාම මහපාරේ දුවනවා
-----------------
මට අයිති නැතිවුන
වාසනාවත් ගෙන
හැමදාම මහපාරේ දුවනවා...

විස්සකට විකිණෙන
කෝටිපතියන් දැන
ලොතරැයිය අරගන්න කියනවා...

මහරෑට එළිවෙන
පහුවදාටත් පෙනෙන
හීනයක මහදවල් නිදනවා...