නීට්ටෑවන් පිළිබඳ එකම හා අවසන් කියැවීම


සබුද්ධික සහෘදයන් වෙනුවෙන් ආදරයෙන් ,
මිනිස් පරිණාමයේ පටන්ම තමන්ට සනාථ කරගැනීමට නොහැකි , විසඳාගත නොහැකි බහුතරයක් සිදුවීම් වලට, සුළං, අකුණු, වර්ෂාව, සෘතු භේදයට පවා දේවත්වයක් ආරූඪ කරලා, සැබෑ යථාර්ථය මිත්‍යාවෙන් වැසීම නිසා විද්‍යාව දියුණු නූතන සමාජයෙත් සමහර පිරිස් විද්‍යාත්මක කාරණා පිළිනොගන්න මට්ටමකට පත්වෙලා තිබීම විද්‍යාත්මක දැනුම සම්බන්ධ කාරණාවක්. අදටත් ලෝකයේ විවිධ රටවල් වල අද්භූත සතුන් හා සිදුවීම් පිළිබඳ කතිකාවන් පවතිනවා. හිමාලයේ " යෙටී ", ලොක්නෙස් විලේ " ප්ලෙසියොසෝරස් ", " ගොවිපළ වලට පැන සතුන් දඩයම් කරනා "චූපක්බ්‍රා " වගේ විවිධ මතවාදයන් විද්‍යාවෙන් සනාථ නොවුනත් බහුතර පිරිස් මේ සියල්ල සත්‍ය බවට කිසිදු සැකයකින් තොරව විශ්වාස කරනවා.
2014 වසරේ අවසානයේදී ඉන්දුනිසියාවේ මෙරඩොන්ග් ප්‍රදේශයේ දී, මිනිස් රුව සහිත, දෙපයින් ඇවිදින, මිනිස් පා සටහන් වලට සමාන, දිගු නියපොතු සහිත, රාත්‍රියේ සැරිසරන අද්භූත සත්වයෙක් වාර්තා වූ අතර 2015 වසරේ ජනවාරි මස දී මෙම සත්වයා අල්වා ගැනීමෙන් පසු රෝම ඉවත්වීමේ සමේ රෝගයකට මුහුණ පෑ " හිරු වලසෙක් " ( sun bear ) ලෙස හඳුනාගනු ලැබෙනවා. රක්තහීනතාවය, මයිටා හා පරපෝෂී පණු ආසාදනය නිසා රෝගීව සිටි මෙම ගැහැණු වලස් පැටවා නවසීලන්ත පශුවෛද්‍යවරයෙක් වන Dr. සිල්ජි රොබට්සන් යටතේ ප්‍රතිකාර කරනු ලැබීමත් සමග මෙරඩොන්ග් ප්‍රදේශයේ වැවිලි කම්කරුවන් අතර භීතිකාවක්ව තිබූ " අද්භූත සත්වයා " පිළිබඳ කතාව අවසන් වෙනව.
ලංකාවේ කියන්නෙ ලෝකයේ අනෙකුත් වනගත ප්‍රදේශ හා සසඳන විට දශම ගණනක වන ගහණයක් සහිත රටක්. ඒ වගෙම සෑම ප්‍රදේශයකම මානව ජනාවාස පවතින ගවේෂණයට ලක් වූ රටක්. එවන් රටක සමනළ හෝ උරග , උභයජීවී වැනි සත්ව විශේෂයක් සොයා ගැනුනත්, ඇඳුම් අඳින, කොණ්ඩෙ තියෙන, ගෙවල් වලට පනින, හේන් වල පැල් ගිණිතියන, මානවයාට සමීප තවත් ජීවියෙක් ජීවත්වෙලා , ඌව දැං හොයාගත්ත , එහෙම නැත්නම් එම ජීවියා දැං කැලෙං එළියට එනව කියන එක තරම් විහිලුවක් තවත් නෑ.
සරළවම කිව්වොත් , එහෙම එකෙක් ඉන්නව නං ඇත්තෙන්ම ඌ #එකපාරටම_මහපොළොවෙන්_මතු_උන_එකෙක් මිසක් පරිණාමය උන ජීවියෙක් නෙවෙයි .

No comments