මිනිසා වෙනුවෙන් නොනිදන මිනිසා
රියදුරෙක් වාහනයක් අතට ගන්නේ හප්පන්න බලාගෙන නෙමෙයි.ඒත් සුළු මොහොතකින් නිමේෂයකින් නොහිතන දෙයක් සිද්ධ වෙලා ඕනම කෙනෙක්ට ඕනම දෙයක් මේ ලෝකේ වෙන්න පුළුවන්. ඊයේ පෙරේදා වෙච්ච මාරාන්තික බස් රථ අනතුරක් ඒ වගේම එකක්.මේ රියදුරු මහත්තුරුන්ව සාධාරණීය කරනවා නෙවෙයි. ඒත් කවුරුවත් කාවත් මරන්න හිතාගෙන වාහන හප්ප ගන්නෙ නැහැ. අපි නොහිතන අපි නොදකින ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. මෙය කියවලා මොහොතක් සිතන්න...
😌පාන්දර 2.30ට විතර බස් එකට නැග්ග...දුර ගමනක් යන්න... සීට් එකක වාඩි වෙලා මම නින්දක් දැම්මා.. එක පාරට ඇහැරෙනකොට එලිය වැටිල.. අදාල තැනින් මම බැස්ස..බස් එක මාව පාස් කරගෙන ගියා..
ලස්සන බස් එක.( මම හිතින් කියාගත්ත.)..මේ ලස්සන බස් එකෙ පිටිපස්සෙ හරි ලස්සන වචන පේලියක් ගහල තිබ්බ..
වාහන වල ඕන තරම් පද පේලි ගහල තියනව..ඒත් මේක බොක්කටම වැදුණ..
මම පැය 4/5ක් නිදාගෙන ආව දැනුනෙවත් නෑ... ඒත් මේ බස් එක මෙච්චර දුර ගෙනාපු මනුස්සය කොච්චර අමාරුවෙන්ද ඇත්තෙ...
ඔක්කොම කියන විදියට (බස් කාරයො...පාරෙ යන්න දන්නෑ ඕකුන්.මිනිස්සු මරන්න යන්නෙ.. 25000දඩේ ගහපු එකමයි හොද...).මාත් එහෙම කියපු අවස්තා තියනව..
ඒත් හිතපන් මේ බස් ඩ්රයිවර් කෙනෙක් ලංකාවෙ ඉන්න මිනිස්සු වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියල.. රෑ එලිවෙනකම් නින්දක් නෑ.. ගෙවල් දොරවල්වල යන්න වෙලාවක් නෑ.... ඒත් හැමදාම උබලට ඕන වෙලාවට පාන්දර හෝ මහ රෑ බස් එක එනව.. ඕන තැනට වෙලාවට ගෙනියනව.. සැපට වාඩිවෙලා නින්දක් දාන්න තියෙන්නෙ..
ඒත් අර මනුස්සය කොච්චර ගේමක් ගහනද.. බස් එක ඇතුලෙ 50/60ක් ඉන්නව මේ ඔක්කොම ජීවත තියෙන්නෙ මිනිහගෙ අතේ.. පොඩ්ඩක් හදිස්සි වෙලා ඉරක් දෙකක් කපල 100kmph පාගල අපිට ඕන වෙලාවට ඕන තැනින් පරිස්සමෙන් බස්සනව..
තව බස් එකක් සෙට් උනාම රේස් එකක් යනව.. ඔව් ඒ පාඩුවට බස් දුවන්න බැරි නිසා.. පාඩුවට දිව්වොත් දරුපවුලම බඩගින්නෙ කියල උන් දන්නව..
උබල කවදාවත් හෙමින් යන බස් එකකට නගිනවද.. පාගල යන බස් එකකට නැගල.. ඕන වෙලාවට තැනට ගිහින් පස්සෙ බනිනව මැරෙන්න එලවනව කියල...
25000 දඩේ ගහයි කියල ඩ්රයිවර් කෙනෙක් බස් එක හෙමින් ගෙනිච්චොත් උබල පැය 4/5 න් යන ගමන යන්න පැය 7/8 ක් යනව.. ඒකටත් බනින්නෙ ඩ්රයිවර්ට....
හිතල බලද්දි මේ මිනිස්සු (ඩ්රයිවර් /කොන්දොස්තර ) ගන්න පඩියට වඩා කරන්නෙ ලොකු සේවයක් බං මිනිස්සුන්ට...
මේ දවස් වල රෑට පට්ට සීතලයී ගෙවල් ඇතුලෙ ඉන්නත් බෑ.. ඒත් බස් එක වෙනද වෙලාවට හැමදාම එයි.. ඇයි ඒ මිනිස්සුන්ට සීතල නැතුවද...
ආයෙත් කියනව ගන්න පඩියටත් වඩා රටට සේවයක් කරන බස් කාරයෝ.( අපේ වචනෙන්)
උඹල අදුරන්න ඕනෙ නෑ..ඕනම රූට් එකක බස් එකක් දැක්කොත් ඉස්සරහ පොලීසියෙන් ඉන්නවනම් හෙඩ් එක ගහල පොඩි සපෝර්ට් එකක් දියන්.
මොකද අහුවුණොත් කෙලවෙන්නෙ ඒ මනුස්සයගෙ සතේට.
මුල් අයිති කරුට ස්තූතියි.උපුටාගැනීමකි
No comments