Facebook එන ලංකාවේ අලුත්විදිය VPN එකක් කියන්නෙ ඇත්තටම මොකද්ද?


VPN එකක් කියන්නෙ Virtual Private Network එකක්.

VPN එකක ප්‍රධානම භාවිතය කෙනෙක් ජාලයක් භාවිතා කරද්දි තුන්වෙනි පාර්ශවයක් ඒකට බලපෑම් කිරීම නවත්වන එක.
මුලින්ම මේකට අන්තර්ජාලය වැඩකරන විදිහ ගැන සරල අවබෝධයක් තියෙන්න ඕන.

අපි අන්තර්ජාලට යන්නෙ සේවා ලබා ගන්න. අපි සේවාලාභියො එහෙම නැත්තම් clients ල කියල හඳුන්වනව. Facebook වගේ websites වලින් කරන්නෙ සේවා සපයන එක. එයාලත් අන්තර්ජාලයට සම්බන්ධ වුන අපි වගේම පරිගණක. ඒ අය සේවා සපයන්නන් එහෙම නැත්තම් servers කියල හදුන්වනව. මෙහෙම අන්තර්ජාලයට සම්බන්ධ වුන හැම device එකකටම තියනව IP adress එකක්. ගෙදරක adress එකක් ගෙවල් අඳුරගන්න use කරනව වගේමයි මේක පාවිච්චි කරන්නෙ අන්තර්ජාලයේ device වෙන් කරල අඳුරගන්න. IPv4 නාමකරණය යටතේ IP adress එකකට තියනව 0-255 දක්වා අංක තියන dot වලින් වෙන් කරපු compartments හතරක්. ( 192.168.1.1 වගේ ඒව දැකල ඇති අන්න ඒ තමයි මේ )

Website එකකට යන්න ඕන උනාම අපිට එයාගෙ IP adress එක මතක තියෙන්න ඕන. අවුල තියෙන්නෙ මිනිස්සුන්ට මේ IP adress අංක විදිහට මතක තියාගන්න අමාරුයි. ඒ නිසා කරන්නෙ ඒ ඒ website එකට නමක් දාගන්නව අපි. ( nickname එකක් ) ඒකට කියනව domain name එක කියල. උදාහරණයක් විදිහට www.facebook.com කියන්නෙ domain එකක්.

අපි web browser එකක type කරන්නෙ domain එක. එතකොට ඒ request එක යනව අන්තර්ජාලයෙ තියන විශේෂ server computers වලට. ඒවට අපි කියනව DNS එහෙම නැත්තම් Domain Name Servers කියල. එයාල ගාව තියනව list එකක්. එයාල කරන්නෙ අපි එවපු නමට අදාල website එකේ IP adress එක තෝරල අපට ආපහු එවන එක.

එතකොට අපේ web browser එකෙන් ඒ IP adress එක අරන් අපිව අදාල website එකට එක්කන් යනව. තත්පර ගානයි යන්නෙ නිසා අපට තේරෙන්නෙ නෑ මෙතන පියවර දෙකක් තියන බව.

හරි. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි. Translate කරල එවන්න යවන මේ domain name request එක යවන අතරතුරේම අපි ඒත් එක්ක තව data ගොඩක් යවනව. අපේ location එක, Operating System එක, Device එකේ වර්ගය වගේ දේවල්. Website එක අපේ device එකට compatible විදිහට දන්න භාශාවකින් load වෙන්නෙ මේ විස්තර වලට අනුව. ඒත් තුන්වෙනි පාර්ශවයකට ( රටක government එකකට වගේ ) පුලුවන් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ( Internet Service Providers ) උදව් ඇතුව මේ යවන දේවල් දිහා බලන් ඉඳල තෝරගත්ත පිරිසකට තෝරගත්ත website එකකට යන එක තහනම් කරන්න. උදාහරණයක් විදිහට location එක ලංකාව නම් facebook යන්න බැරි කරන්න. තව පිරිසකට පුලුවන් මේ දේවල් පාවිච්චි කරල ඔයාව හරියට target කරල advertising කරන්න වගේ දේවල්. අන්න එහෙමයි ඔයාගෙ phone මොඩ්ල් එකටම ගැලපෙන back covers වගේ දේවල් වල advertisement හරියටම ඔයාටම පේන්නෙ. ඔයාගෙ ISP ට පින්සිද්ද වෙන්න 😂

VPN software එකක් අතරමැදියෙක් විදිහට උදව් වෙන්නෙ මෙන්න මේ වෙලාවට. අපි VPN software එකක් දාගෙන internet යනකොට අපේ හැමදෙයක්ම පාලනය කරන්නෙ ඒගොල්ලො. මුලින්ම VPN වලින් යවන දත්ත encrypt කරනව. ඒ කියන්නෙ තුන්වෙනි පාර්ශවයක් අතට ඒ දේවල් ගියොත් ඒ අයට බලන්න බැරිවෙන්න මාරු කරනව. උදාහරණයක් විදිහට සරලම අවස්තාවක් ගත්තොත් ABCD කියල ලියන වචනයක් වෙනුවට වචනයේ හැම අකුරම එක අකුරක් ඉදිරියට අරන් BCDE කියල යවන්න. එතකොට තුන්වෙනි පාර්ශවය අතට මේ පණිවුඩය ගියත් හඳුනගන්න නම් වෙනස් කරපු ක්රමය ගැන අවබෝධයක් තියෙන්න ඕන.

ඊළගට VPN සේවා සපයන ආයතන වලට එක එක රටවල් වල එයාලගෙ servers තියනව. VPN software එකක් දාගත්තට පස්සෙ අපි website වලට යන්න කරන අපේ request යන්නෙ කෙලින්ම ඒගොල්ලන්ගෙ ඒ server එකකට. එතනින් අපේ geographical location එක මාරු වෙනව ශ්‍රී ලංකාවෙ ඉදන් ඒ server එක අයිති රටේ VPN server එකේ adress එකට. ( ex : USA ) ඊළඟට ඒ USA server එක අපිට යන්න ඕන website එකට අපේ request එක යවනව. එතකොට අපි අතරමැදියෙක් හරහා එන නිසා අපට යන්න ඕන website එකේ server එකෙන් හිතන්නෙ අපි ඉන්නෙ USA වල කියල. එතකොට අර කලින් කිව්ව කිසිම restriction එකක් නැතුව VPN එකෙන් හදල දුන්න මේ අලුත් tunnel එක දිගේ අපට ඕන website එක අපට ලැබෙනව. තුන්වෙනි පාර්ශවය ගොනා වෙනව 😂 හොඳම වැඩේ කියන්නෙ මේකෙ කිසිම තැනක් නීති විරෝධී නෑ. අපි කරන්නෙ අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න එක.

VPN භාවිතා කරද්දි තව වාසි තියනව. රටකට යන්න tickets, නැවතිලා ඉන්න hotel book කරනකොට වගේ website වලින් එක එක රටවල් වලට එකම journey එකට hotel එකට පෙන්නන්නෙ එක එක ගනන්. අපට පුලුවන් මෙන්න මේ වගේ වෙලාවට එක එක location වලට මාරු වෙලා tickets වල hotel වල ගනන් compare කරල අඩුම එක ගන්න.

මෙහෙම සේවාවක් දෙන එකට VPN එකකට එක්කො අපි සල්ලි ගෙවන්න ඕන. නැත්තම් ඒගොල්ලන්ගෙ advertisement බලන්න ඕන. ඒ අයත් මේක කරන්නේ සල්ලි හොයන්න මිසක් අපට ආදරේට නෙවෙයිනේ ඉතින්.

ඔන්න ඕකයි කතාව. ලොකු දේවල් නෙවෙයි මේ අපේ කට්ටියට අලුත් වුනාට internet යන්න සෑහෙන්න restriction තියන China වගේ රටවල් වල කොයි කවුරුත් ගාව තියන සුලබ දෙයක් VPN software එකක් කියන්නෙ. ඒ නිසා VPN දාගත්තා VPN දාගත්තා දැන් අපි තමයි පොරවල් කිය කිය නටන්න එපා 😂 අලුතින් දෙයක් දැනගත්ත නම් තව කෙනෙක්ට බලන්න share එකක් දාන්න.
@-Ravindu Chamath Bandárañàyake-

No comments